ඔක් 08 දායින් පසු මීගමුවේ නගරාධිපති දයාන් ලංසාද ?

0
65

MCලංකාව පාලනය කරනු ලබන්නේ මැදමුලනෙන් වන්නා සේමය.මීගමුව පාලනය වන්නේ වැල්ලවිදියෙනි
2011 පැවති පළාත් පාලන ඡන්දයෙන් වැඩිම මනාප ගත් දයාන් ලංසා හට නගරාධිපතිධුරය හිමිවුයේ නැත.
ශ්‍රිලනිපයේ ජේෂ්ඨතමයෙක් වු ඇන්ටනි ජයවීර නගරාධිපති කරවනු ලබයි.
එහිදි ඇතිකරගත් ගිවිසුමක් ලෙසින් ප්‍රසිද්ධ වුයේ ඇන්ටනි ජයවිර වෙත වසර 2කක් සදහාත් ඉතිරි වසර 2 ක දයාන් ලංසා වෙතත් ලබාදිය යුතු බවය.
මේ හේතුව නිසාම සිය නගරාධිපති සිහිනය වෙනුවෙන් දායන් ලංසා මන්ත්‍රිවරයා ඇන්ටනි ජයවීර සමගින් එළිපිට ගැටුමක් දැන් ඇතිකරගනිමින් තිබෙන බව වාර්ථා වේ.
වාර්ථා වන අන්දමට මෑත දිනකදි දායන් ලංසා ඇන්ටනි ජයවීර හට පවසා ඇත්තේ ජයවීර වාඩිවි සිටින පුටුව තමාගේ බවය.
මොකද මාත් එක්ක ගේම ඉල්ලනවද එහෙනම් මාත් ගේම් තමයි යනුවෙන් දායන් ලංසා කඩොල් කැලේ පිට්ට්නිය දින 2කක් සදහා පල්ලියේ කටයුත්තකට ලබාදිමට තින්දු කිරිමට එරෙහි වෙමින් මෙසේ පවසා ඇත.
ඒ අනුව ඉදිරියේ අප අතර දිගඅඇෙරන්නට නියමිතව ඇත්තේ නගරාධිපතිධුරය සදහා මතුවිය හැකි පොරයකි.මෑත දිනකදි මීගමුව මහනගර සභාව වෙත කොට කලිසමක් ඇද පැමිණ සිටි දායන් ලංසාෙග් පියා පිලේන්ද්‍රන් ලංසා නගරාධිපතිවරයා හට පරුෂ වචනයෙන් බැන වැදි තිබුන බවද අප වාර්ථා කළෙමු.
ඇන්ටනි ජයවීර හට ලැබෙන්නේ බෝනස් අවුරුදු 2කකි. ඔහුගේ ගැලවුම් මාර්ගය වැටි ඇත්තේ දැන්වත් මීගමුවේත් බදුගෙවන ජනතාවගේත්  අයිතිය රැකගනමින් මීගමුවේ පාලනය පවුලකට යටත් නොකිරිමටය.
එහෙත් සිය දේශපාලන ගුරුවරයා යැයි විටෙක තමන්ගේ දිවුරුම්දිමේදි ප්‍රසිද්ධියේ කියා සිටි නිමල් ලංසාට එරෙහිව ඇන්ටනි ජයවිර යනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
එහි පළමු ලිට්මස් පරික්ෂණය තවත් දින දෙකකින් එළඹෙනු ඇත.
එනම් ඔක්තෝබර් 08 වනදාට පැවැත්විමට නියමිත මහසභාවයි. මේ සදහා ලංසා පවුලේ පාලනයට නතුව ඇති මහජන දේපොල යළි නගර සභාවට පවරා ගැනිමට යැයි ඉල්ලමින් යෝජනාවක් හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙන ඒමට නියමිතව ඇත.
ආණ්ඩුපක්ෂයේ දූෂිත මන්ත්‍රිවරුන් මේ දිනවල කල්ලි ගැසෙන්නේ තමන්ගේ වංචා සියල්ල වසා ගැනිම සදහා කෙසේ හෝ මේ යෝජනාව පරාජය කිරිමටය.
එමෙන්ම නිමල් ලංසාෙගන් ගෙවනු වසර 2 ක පුරාවට විවිධ උපකාර ලබාගෙන ඇති විපක්ෂයේ මන්ත්‍රිවරුන් 4 දෙනා ඔක්තෝබර් 08 වෙනිදාට කරන්න යන්නේ කුමක්ද??
මීගමුවේ අනාගතය පවුලක ග්‍රහනයෙන් ුමුදාවා ගැනිමේ පළමු වෙඩිමුරය විපක්ෂයේ රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් පත්තු කරනු ලබන්නට නියමිතය.
ඇන්ටනි ජයවිර එහිදි කටයුතු කරන ආකාරය අප ඉතා අවදියෙන් යුතුව බලාසිටින්නෙමු.