ඔක්. දවස් 4 ට තවත් රු. බිලියන 110.58 ක් අච්චු ගහලා !

0
106

  ඔක්තෝබර් මාසයේ පළමු දින 4 තුල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. කෝටි 11, 058 ක් (රු. කෝටි එකොලොස් දහසකට වැඩි මුදල්) අච්චු ගසා ඇති බවත්, නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස මේ දක්වා රු. කෝටි 15,842 ක් අච්චු ගසා ඇති බවත් හිටපු ආණ්ඩුකාරවරයකු පවසයි.   එබව සඳහන් කර ඇත්තේ, දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.   2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල  රු. කෝටි 136,805 ක් (රු. 1,368,050,000,000) කි. අච්චු ගසා ඇත. 

    ”ලංකා ආර්ථිකයේ පාලන නූල කඩා දාලා”    

 ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීම ලංකා ආර්ථිකය නූල කඩා දැමූ සරුංගලයක් බවට පත්වී ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.  

rajith 2s

    කිසිදු වග විභාගයකින් තොරව මුදල් අච්චු ගැසීම තුල, මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා සුරංගනා කතා බවට පත්වෙමින් තිබේ.  භාණ්ඩ මිල අහස උසට යමින් තිබේ.  කෘෂි නිෂ්පාදනය සඳහා පොහොර – කෘෂි රසායන හිඟය රට තුල සාගතයක් ඇති කරමින් ඇත.  සෑම නගරයකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පොලිම් දකින්නට ඇත.   

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 ජනවාරි 1 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රු. බිලියන 74.74 ක් විය.     එය 2021 ඔක්තෝබර් 6 (අද) වන විට රු. බිලියන 1,442.79 කි.    මහ බැංකුව  අච්චු ගසා ඇති මුදල රු. බිලියන 1,368.05 ක් හෙවත් රුපියල් කෝටි එක් ලක්ෂ තිස් හයදහස් අටසීයකට (රු.කෝටි 136,805) කි.

theleader.lk