ඔඩිට් එකටත් අහුවුන කුණු කන්දේ තවත් ගැරිල්ලක් ?

0
76

මිගමුවේ කුණු කසල බැහැර කරන කොච්ච්කඩේ ඕවියාවත්ත කුණු කන්ද කියල කියන්නේ මිගමු නගර සභාවේ ගැහිලි,ගැරිලි,දූෂණ වංචා ගැන හොඳ හැටියම දැනගන්න පුලුවන් අපූරු තැනක්.

කාලෙක ඉදන් මේ කුණු කන්ද ගිනි ගන්නවා.ඇත්තටම ගිනි ගන්නවා නෙමේ ගිණි තියෙනව.

කව්ද ගිණි තියන්නේ කියන ප්‍රශ්ණෙටත් උත්තරයක් තියෙනව.ඒ පැත්තේ අය කියන්නේ කුඩු ගහන්න සල්ලි හොයාගන්න මේක ගිනි තියල යක⁣ඩ හොයනව කියල..

වැඩේ කියන්නේ මේ හොයාගන්න යකඩ පටවල ගෙනියන්නෙත් නගර සභාවේම ට්‍රැක්ටර් වල.වැඩේ කියන්නේ පහුගිය දවසක මේක ඇස්වලටම දැක්කේ එතනට ආපු ඔඩිට් එකේ නෝනා කෙනෙක්.දැන් මරු.ඔඩිට් එකටත් සාක්ෂි පිටම මේ කුණු කන්දේ ගැහිලා අහුවෙලා.

අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.කොහොම උනත් කුඩු කියන්නේ මිගමු නගර පාලනයත් එක්ක බඩවැල් වලින්ම සම්බන්ධයක් තියෙන එකක්නේ…