ඔරුව පෙරළි අතුරුදහන්වු අයෙකුගේ සිරුර සොයා ගැනේ !

0
161

මිගමුව කලපුවේ මුන්නක්කරය ප්‍රදේශයේදි ඔරුවක් පෙරළියාම නිසා අතුරුදන්ව සිටි දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද පෙරවරුවේ සොයා ගෙන ඇතැයි ප්‍රදේශවාසින් පවසා සිටිති.

7 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝදයට මිගමුව කලපුවේ ඔරු චාරිකාවට එක්ව සිට ඇති අතර ඔරුව පෙරලියාම හේතුවෙන් කතෝලික පියතුමෙකු ඇතුලු 5 දෙනෙකු බේරා ගැනිමට කලපුව අවට සිටි අය වහා ක්‍රියාත්ම වි ඇත.
එහෙත් ඉතාමත් අවාසනාවන්ත ලෙසින් ඔරුව පැදවු අය සහ ඔහුගේ දියණියව බේරාගැනිමට නොහැකිවි තිබුණි.
මෙසේ අතුරුදන්ව සිටි දියණියගේ සිරර අද පෙරවරුවේ  සොයා ගැනුන අතර අතුරුදන්ව සිටින  පියාගේ සිරුරු සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය

මෙම අවාසනාවන්ත සිදුවිම ගැන පිළිබදව අප කළ විමසුමකදි කලපුව පිළිබදව විශේෂ දැනුමක් ඇති නාමල් ප්‍රනාන්දු කියා සිටියේ මෙම ඔරුව කලපුවේ එක්තරා විශේෂ තැනකදි සාමාන්‍යයෙන් සිදුවන දියකඩ සැර වන අවස්ථාවකදි ඔරුවේ ඉන්ජිමක් ක්‍රියාවිරහිතව ඇති අතර මේ හේතුවෙන් ඔරුවේ කොල්ලෑව ඒ අසල වු  බෝට්ටුවක වැදිම නිසා ඔරුව පෙරළි ගොස් මෙය සිදුව ඇති බවය.

කලපුවේ වුවත් ඇතැම් ස්ථානවල ජලය ගලා යෑම එකලෙසම නොපවතින  බවද මේ ගැන හොද අවබෝධයක් තිබිය යුතු බවද ඔහු අවධාරණ කර සිටියේය .

කලපු ගමන් වලදි ලයිෆ් ජැකට් පැළදිම අනිවාර්යෙන්ම සිදුවිය ඇති අතර නාවික හමුදා කලපුවේ සිදුකරනු ලබන මුර සංචාර වලිදි මේ පිළිබද විමසිලිමත් බවද සදහන් කලේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here