ඔසු සැල් විවෘත කිරීම සීමා කිරිමෙන් ගැටළු රැසක් මතුවෙන ලකුණු ?

0
247
  • email sharing buttonsharethis sharing buttonmessenger sharing buttonlinkedin sharing button
 parmacy

 fmasi

 මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ඖෂධ සැල් හිමියෙකු කියා සිටියේ රෝගියෙකුට අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව අදාල නගරයේ නම් කරනු ලබන ඖෂධ සැලක් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකිරිමෙන් පසු එය අදාල රෝගියාගේ නිවසටම ලබාදිමට ඒ ඖෂධ සැල් හිමියා විසින් පියවර ගන්නා බවය.
එහෙත් මේ ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි කිපදෙනෙකුම කියා සිටියේ මේ නිසාම ගැටළු ගණනාවක් මතුවිමට නියමිත බවය.
එනම් මේ ආකාරයෙන් බෙහෙත් බෙදාහැරිමට ගනු ලබන කාලය ඇතැම් රෝගින්ගේ පැත්තෙන් ගෙන බලන කල වඩාත් ගැටළුකාරි විය හැකි බවය.
කෙටි වේලාවක් තුලදි ලබාගත යුතු ඇතැම් බෙහෙත් එසේ නොවි පමාවක් සිදුවන්නේ නම් එය සැබැවින්ම රෝගින් හට ඇතිකරන්නේ තවත් බරපතල පිඩාවකි.
රජය සැබැවින්ම කළ යුතුව තිබුනේ බෙහෙත් තුණ්ඩු පෙන්වමින් පසුගිය දිනවල බොරුවට රවුම් ගැසු ඇතැමුන්ව අල්ලා දැඩි ලෙස ප්‍රශ්ණ කොට නිතිය තදින් ක්‍රියාත්මක කිරිමට පියවර ගත්තේ නම් නිකරුනේ කෙරෙන රස්සියාදු පාලනය වි අත්‍යවශ්‍ය අය වෙත බෙහෙත් ගැනිමට පහසුව තවදුරටත් රැකගැනිමට ඉඩ තිබුණ බවය.
නිදසුනක් ලෙස ඊයේ දිනයේ මිගමුව නගරයේ ගමන් ගත් බොහෝ පිරිස් නවතා ප්‍රශ්ණ කිරිමට කටයුතු කරන අවස්ථා තිබුනේ නම් ඒ ඉතාමත් විරල වශයෙනි.
රජය කළයුතුව තිබුනේ ඇදිරි නිතිය තදින් ක්‍රියාත්මක කිරිම වුවද පසුගිය දිනවල එය එසේ වු බවක් අප නම් නොදුටිමු.
අනික් බරපතල ම ප්‍රශ්ණය වනුයේ වට්ස්අප් තාක්ෂණය සහිත ජංගම දුරකථන නැති අය සහ ඒ තාක්ෂණය පරිහරණය නොකරන අය රජයේ නව නියෝගය යටතේ සිය බෙහෙත් වට්ටෝරු ඇණවුම් කරන්නේ කෙසේද යන්නයි.
මේ අනුව බලන කල ඖෂධ අරභයා රජය විසින් ගෙන ඇති මේ ක්‍රියමාර්ගය දැනටමත් දැවැන්ත ගැටළු රැසක් අප මේ සමාජය හමුවේ දිගහැර තිබේ.
Medichine issue

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here