spot_img
spot_img
Saturday, November 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Stories ඔසුසැල් පිළිබදව රජයේ නීතිය ක්‍රියාත්මකවිමත් සමග මේ වන තුරුත් මිගමුවේ රෝගින්ට...

ඔසුසැල් පිළිබදව රජයේ නීතිය ක්‍රියාත්මකවිමත් සමග මේ වන තුරුත් මිගමුවේ රෝගින්ට ඔසුසැලක් නැත !

0
133

parmacy.jpegරජය විසින් සියලුම පුද්ගලික ඔසුසැල් වසා දැමිය යුතු බවට නියෝග දිමත් සමගින් ඉදිරිපත් කරන්නට යෙදුන නිවසට ඖෂධ බෙදා හැරිම තබා ඒ පහසුකම ඇතැයි කියු එකම ඔසුසැලවත් මිගමුව තුල විවෘතව තබා නැත.
මේ අනුව දැනට පැය 24 කට ආසන්න කාලයක් පුරාවට මිගමුවේ සමස්ථ ජනතාවට තමන්ට අත්‍යවශ්‍ය ඖෂධයක් ලබාගැනිමට කිසිදු පහසුකමක් තිබි නැත.
ජාත්‍යන්තර ගුවන් තොටුපල, ප්‍රධාන වෙළද නගරය,සංචාරක කලාපය ,ප්‍රධාන ධිවරය නගයර යනාදි සියලු විශේෂතා එසේව තිබියදි රජයේ අදුරදර්ශි වැඩපිළිවෙල නිසාවෙන් දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ.
මේ තත්වය කොයිතරම් නම් බරපතල දැයි වැටහෙන්නේ කොළඹ රාජ්‍ය ඔසුසල අද විවෘතව තබන බව ඊයේ නිවේදනය කලද අද  කොළඹ ඔසුසල් වසා තිබීම නිසා ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව තිබිමත් සමගින්ය..
මේ පිළිබදව ලංකාදිප වෙබ් අඩවිය මේ පුවත පළකර තිබුණි.
ටවුන් හෝල් ප්‍රධාන ශාඛාව, නුගේගොඩ මහරගම ඇතුළු ශාඛා සියල්ලම පාහේ වසා තිබු අතර එහි දොරවල්වල දැන්වීම  අලවමින් දන්වා තිබුණේ එහි සඳහන් දුරකතන අංකයට වට්ස්ඇප් මගින් බෙහෙත් වට්ටෝරු එවන ලෙස දන්වා තිබිණි.
එසේ වන වට්ටෝරුවල ඖෂධ නිවෙස්වලට යවන බවද සඳහන් විය.
මේ තත්ත්වය යටතේ ඔසුසලට පැමිනි විශාල පිරිසකට ආපසු හැරීයාමට සිදුවූ අතර ⁣ජාතික රෝහලෙන් ඉල්ලා තිබු ඖෂධ ලබාගැනීමට පැමිණි පිරිස් ද ඒ අතර වූහ.
රජයේ ඔසුසල් විවෘතව තබන බව නිවේදනය කල නිසා පැමිණි බවත් නිසි සන්නිවේදනයක් නොමැති වීම මේ තත්ත්වය ඇතිවී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.