ඔළු නැති හෙල්මට් ඇති මීගමුවේ දෙමව්පියන්ටත් දැන් නීතියක් ?

0
59

Aeon_Helmet_Dයතුරු පැදිකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයැයි තීන්දුවක්  රථ වාහන පොලිසිය විසින් ගෙන ඇති බවට පුවත් පසුගිය කාලය තුල නිරන්තරයෙන්ම පළවිය.
ඒ දිනෙන් දින ඉහල යන මාරාන්තික යතුරු පැදි අනතුරු හේතුකොට ගෙනය.
එහෙත් මේ නීතිය තවමත් එතරම් අවධානයට  ලක්නොකළ එක්  ක්ෂෙත්‍රයක් තිබේ.
මීගමුවේ බොහෝමයක් දෙමව්පියන් උදේ කාලයේ සිය දරුවන් යතුරු පැදිවල නංවාගෙන පැසැල් ගෙන යති.
එහෙත් ගැටළුව වි ඇත්තේ මේ බොහෝමයක් දෙමව්පියන් තමන් විසින් යතුරු පැදි වලින් ගෙන දරුවන් යාමේදි ඒ දරුවන්ට හෙල්මට් නොමැතිවිමයි.මෙහි ඇති අවදානම් තත්වය පිළිබදව මීගමුවේ මාධ්‍යවේදින් පිරිසක් හා මීගමුවේ ඉහල පොලිස් නිළධාරින් අතර පැවැති විශේෂ හමුවකදිද අවධානයට යොමුව තිබුණි.එහිදි පොලිසිය පොරොන්දු වුයේ එසේ නොසලැකිමත්ව කටයුතු කරන දෙමව්පියන්ට මුලින්ම අවවාද කරන බවත් පසුව නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත්ය.
මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව මේ අනතුරුදායක තත්වය ගැන වඩාත් සැලකිල්ල යොමුකරමින් දැන් යතුරු පැදිවල ගෙන යන කුඩා දරුවන්ට හෙල්මට් පැළදවිම අනිවාර්ය කිරිමට යන බැව් වාර්ථා වේ.