ඔළු නැති හෙල්මට් ඇති මීගමුවේ දෙමව්පියන්ට කෝ නීතියක් ?

0
161

no helmout 2no helmout 3යතුරු පැදිකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයැයි තීන්දුවක්  රථ වාහන පොලිසිය විසින් ගෙන ඇති බවට පුවත් පසුගිය කාලය තුල නිරන්තරයෙන්ම පළවිය.
ඒ දිනෙන් දින ඉහල යන මාරාන්තික යතුරු පැදි අනතුරු හේතුකොට ගෙනය.
එහෙත් මේ නීතිය තවමත් එතරම් අවධානයට  ලක්නොකළ එක්  ක්ෂෙත්‍රයක් තිබේ.no helmout 4
එනම් මීගමුවේ බොහෝමයක් දෙමව්පියන් උදේ කාලයේ මෙන්ම දවල් කාලයේද සිය දරුවන් යතුරු පැදිවල නංවාගෙන පැසැල් ගෙන එහි යන දරුවන්ට කිසිදු ආරක්ෂිත හිස්වැසුමක් වත් නැතිව විමය.
.මෙහි ඇති අවදානම් තත්වය පිළිබදව මීගමුවේ මාධ්‍යවේදින් පිරිසක් හා මීගමුවේ ඉහල පොලිස් නිළධාරින් අතර පැවැති විශේෂ හමුවකදිද අවධානයට යොමුව තිබුන අතර එහිදි පොලිසිය පොරොන්දු වි තිබුනේ  එසේ නොසලැකිමත්ව කටයුතු කරන දෙමව්පියන්ට මුලින්ම අවවාද කරන බවත් පසුව නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත්ය.
එහෙත් මේ තින්දුව ගෙන දැනට මාස 4 කටත් ආසන්න වුවද අද දිනයේත් අපගේ කැමරා කාච වල සටහන්ව තිබුනේ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව දරුවන් දෙතුන් දෙනා බැගින් සිය යතුරුපැදිවල දමාගෙන යන අයුරුය.no helmet6no helmet8
මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව මේ අනතුරුදායක තත්වය ගැන වඩාත් සැලකිල්ල යොමුකරමින් දැන් යතුරු පැදිවල ගෙන යන කුඩා දරුවන්ට හෙල්මට් පැළදවිම අනිවාර්ය කිරිමට යන වාර්තා වුවද එය තවමත් ක්‍රියාත්මක නැත.
ඡායා- සංජය ගමගේ