ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් තොර කිරිගවයින් සම්බන්ධව පැමිණිලි ජනාධිපති කොමිසමේ විභාගයට

0
484

cownews2017 වසරේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ඕස්ට්‍රේලි⁣යිවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් 20000ක් මිළදී ගැනීමෙන් තමන්ට සිදුවී ඇති විශාල අලාභය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැනට වසරකට පමණ  පෙර සමස්ත ලංකා කිරිගොවීන්ගේ සංගමය විසින් ජනාධිපති විසින් පත්කරන ලද කොමිසම වෙත බාර දෙන ලදී.
ජනාධිපති කොමිසම විසින් පසුගිය 17 වනදා  මෙම පෙත්සම් විභාගයට ගැනීම ආරම්භ කරන ලදී.
ග්‍රාමීය ආර්ථිකය පිළබඳ අමාත්‍යාංශය විසින් 2017 වසරෙදී  ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් ගෙන්වන  ලද කිරි ගවයින් 20000කට අධික සංඛ්‍යාවක්  මිළදී ගැනීමෙන්  නිෂ්පාදකයින්  විශාල පාඩුවක් ලබා ඇති  බවත් මේ වනවිට ලංකාවේ ගවයින්ට වැළදි නොමැති රෝගයක් වන ‘මයිකොප්ලාස්ම බැක්ටීරියාව ‘ ( Mycoplasma Bacteria )  මෙම ගවයින්ගෙන් 20% කට වැළඳී ඇති හේතුවෙන් දෙනුන් වඳවීම , වසු පැටවුන් මියයාම වැනි  පාඩු රැසකට  තමන් මුහුණ දී සිටින බවත්
කිරි ගවයින් මිළදී ගත් කිරි නිෂ්පාදකයින් පවසති.
ආහාර සුරක්ෂිතතාවය  තහවුරු කිරීම  ,දිළිදුභාවය අවම කිරීම ,ආදායම් උපදවීම සහ ඌන පෝෂණය සඳහා පිළියම් යෙදීම සඳහ ා ගවයින් 20000ක් ගෙන්වීමේ මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අමාත්‍ය පී.හැරිසන් අමාත්‍යවරයා යට⁣තේ අදියර දෙකකට 2017 වසරේ ක්‍රියාත්මක වී තිබේ.  මේ කිරිදෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධානීන් ලෙස පී.හැරිසන් අමාත්‍යවරයා සහ එවකට හිටුප ලේකම්වරිය මෙන්ම ආනයනය සඳහා මැදිහත්වූ ඇක්සෙස් ආයතනය ද මේ වගකිවයුතු බව කිරි ගොවීන් චෝදනා කරති.
ඔවුන් ජනාධිපති කොමිසම වෙත බාරදුන් පෙත්සම පහත පළවී ඇත.         PETITIONPETITION 001PETITION 002PETITION 003PETITION 004PETITION 005PETITION 006