කට්ටුවේ මාරාන්තික ”ටෙලිකොම් වල”

0
67

මීගමුව හලාවත පාරේ දළුපත හංදියේ සිට කොච්චිකඩේ දෙසට මිටර් 200 ක් පමණ යන විට පාරේ වම්පැත්තේ ඇති ටෙලිකොම් වල මරණයට අතවනන තැනක් බවට පත්ව ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

මේ වලෙහි වැටිමෙන් අද උදේ වරුවේ ත්‍රිරෝද රථයක් අනතුරට පත් ව ඇති අතර කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වු ඔහු හලාවතට අත්‍යවශ්‍ය උවමනාවක් සදහා යන්නට පැමිණි අයෙකි.

ප්‍රදේශවාසින් පවසන්නේ ටෙලිකොම් ආයතනය විසින් ඔවුන් විදුලි සංදේශ නියාමන උපකරණ තැන්පත් කිරිමෙන් පසු නිසි ලෙසින් වසා නැති මෙම වල නිසා දැනටමත් මාරාන්තික අනතුරු රැසකට තුඩු දි ඇති බවයි.

Photo by-M.Z.shahajan