කටාන පොලිස් වසමේ නිවසක මහළු මවක් නිවාස අඩස්සියේ ?

0
621

කටාන පොලිස් වසමට අයත් නිවසක මහළු මවක් නිවාස අඩස්සියේ රදවා තබාගෙන ඇතැයි යන චෝදනාවක් එල්ලවි තිබේ.

මේ නිවසේ හිමිකරු විදේශ රටක ජිවත් වන අතර මෙම නිවස බලගැනිමට භාර දි ඇති තැනැත්තිය විසින් මේ මහළු මවට ඇගේ දියණියට මෙන්ම සිය වයෝවෘද්ධ සැමියාට පවා කතා කිරිමට අවස්ථාව ලබා නොදිම ගැන සඳහන් කරමින් වෙන්නප්පුව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇතැයි වාර්ථා වේ.

මෙම නිවස පැය 24පුරාම ගේට්ටු අඟුලාගෙන සිටිම ගැනද ප්‍රදේශවාසින්ට පවා සැක මතුවි තිබේ.

විදුලි බලමණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන පවා මෙම නිවස මුලු කාලය පුරාම අඟුලාගෙන සිටිම ගැන චෝදනා කර තිබේ.

මේ අතර මෙම නිවස ගැන 119වෙතද පැමිණිලි ලැබි ඇතැයි කටාන පොලිසියේ නිළධාරියෙකුද පවසා තිබුණි.