කටාන ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් සංවර්ධන වත්ත නැමැති වනාන්තර භූමියේ දැනට කාලයක සිට නීති විරෝධී වැලි කැපිමේ ජාවාරමක් සිදු වෙමින් පවතී. ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය දේශපාලඥයින්ගේ අනුදැනුම ඇතිව සහ පුර්ණ ආශීර්වාදය මත සිදු වන මෙම අනීතික කි‍්‍රයාවලිය නිසා මෙම වත්ත ආශී‍්‍රතව ජීවත්වන ගම්වැසියනට නුද්රේදීම උග‍්‍ර පාරිසරික හා සුවිශාල සමාජ ගැටළු ගනනාවකටම මුහුන දීමට සිදු වෙනු ඇත.
සංවර්ධන වත්ත යනු මෙයට වසර ගනනාකට පෙර රජයේ 99 අවුරුදු බදු ප‍්‍රතිපත්තිය මත මහාරාජා නැමැති ආයතනයකට පැවරී තිබූ බවත් එම කාල සිමාව ඉකුත්ව ගිය පසු නැවත එය රජයේ අයිතියට පැවරී ඇති බවත් මේ වත්ත ආශී‍්‍රතව වෙසෙන වැඩිහිටියන් පවසති. මහාරාජා ආයතනයට අයත්ව තිබූ කාලයේ වත්තේ සිටුවා ඵලදාව ලැබූ පොල් ගස් මේ වන විට මුළුමනින්ම පාහේ මුලින් උදුරා හෝ කපා දමා ඇත. මේ වන විට සංවර්ධන වත්ත යනු වනාන්තරයක් බවට පත් වී තිබේ.
අක්කර 98 ක පමන වපසරියකින් සමන්විත වූ සංවර්ධන වත්ත, රුක්කත්තන හංදියෙන් යොමු වන කදිරාන මාර්ගය එක් පැත්තකින්ද, කිඹුලාපිටිය ගඟ තවත් පැත්තකින්ද එලෙසම මීගමුවේ සිට මිනුවන්ගොඩට දිවෙන මාර්ගය තවත් පැත්තකින් වේ. එසේම සර්වෝදය ගම (පේ‍්‍රෂකර්ම ගම), මල්බෙරිය යන ගම්මානද එලෙසම එම අන්තයෙන්ම කටියල දක්වා දිවෙන කිලෝ මීටර් 08 ක පමන වන අඩි 08 පාරක්ද මෙම වත්ත මධ්‍යයෙන් දිවෙයි. එලෙසම මෙම සංවර්ධන වත්තට ඉහලින් ගලා යන කුඩා ඇල මාර්ගයක් ද වේ. එය දඩුගම් ඔය දක්වා ඇති ඇල මාර්ගයක් බව ගම්මුන් පවසති. අක්කර 98 ක් පමන වන මෙම සංවර්ධන වත්තේන් අක්කර 10 ක පමන භූමි ප‍්‍රමානයක් මේ වන විට සර්වෝදය ගම ගම්මානයේ (පේ‍්‍රෂකර්ම ගම), ජනයා පදිංචි කිරිමේදී රජයෙන් අත් කර ගෙන බෙදා දී තිබේ. එහෙයින් මේ වන විට අක්කර 88 ක් පමන වන භූමී ප‍්‍රමානයක් වනාන්තරයක සිරියෙන් පවතින බව වැඩිහිටියන් පවසති.
මෙම වනාන්තර භුමියේ වැඩි හරියකම දක්නට ලැබෙන්නේ වීදුරු කර්මාන්තය සදහා යොදා ගැනෙන සුදු පැහැති සිලිකා වැල්ල හෝ එයට ඉතාම සමාන සුදු පැහැති වැල්ලකි. ගංගාවකින් ගොඩ දමනු ලබන ගංගා වැලි වලින් කරනා සියළු කාර්්‍යයන් මේ සුදු වැල්ලෙන් කර ගත නොහැකි වුවත් වැලි වලින් කරනා සමහර කාර්්‍යයන් මෙම සුදු වැල්ල යොදා කර ගත හැකිය. ඒනිසාම දිනෙන් දින ඉහල යන වැලි මිල හමුවේ මෙම වනාන්තරය මධ්‍යයේ විශාල වල් වල් හාරා වැලි කැපිමේ ජාවාරමක් කලෙක සිට සිදු කෙරෙමින් පවතී. විශේෂයෙන්ම රාති‍්‍ර කාලයේ දී ආරම්භ කෙරෙන මේ අනීතික කී‍්‍රයාවලිය අළුයම වන විට වැලි කපා පටාවා ප‍්‍රවාහනය කර අවසන් කිරීමට තරම් මෙම වැලි කපන්නන් සැලසුම්සහගතව සහ සුක්ෂමව කි‍්‍රයාත්මක වේ.
මෙලෙස වැලි කැපීමට හාරා අතහැර දමා ඇති විශාල වලවල් රැසක්ම සංවර්ධන වත්ත මධ්‍යයට ගිය ඕණෑම කෙනෙකුට ඇස්පනා පිටම දැක ගත හැකිය. එලෙස වැලි කැපීමට හාරන ලද වලවල් මේ වන විට වැසි කාලයේදී ජලයෙන් පීරී විශාල ලෙස මදුරුවන් බෝවන මදුරු වලවල් බවට පත් ව ඇත. එවැනි තත්වයක් මේ වත්ත ආශී‍්‍රත ව වෙසෙන ජනයාගේ පමනක් නොව මුළු මහත් කටාන දිස්තී‍්‍රක්කයේම ජනයාගේ යහපත් සෞඛ්‍යය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපෑ හැකිය. ඉන් පසුව මෙය ඉතාම අවධානම්කාරී සමාජ ප‍්‍රශ්නයක් සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් වීමට බෙහෙවින්ම ඉඩ ඇත.
මෙම සංවර්ධන වත්ත නැමැති වනාන්තර භූමිය තුල එලෙස රාතී‍්‍ර කාලයේ සිදු වන වැලි ජවාරමට අමතරව එම භූමියේ සමහර තැන්වල ඇති මැටි සහිත පස් කැපීමද සිදු වේ. ඒවා ද වැලි ලෙසම මේ ජවාරම්කරුවන් විසින් අලෙවි කෙරේ. එලෙසම මෙම වත්ත හරහා කටියල ප‍්‍රදේශයට දිවෙන පාරේ ගමන් කරන තරුණියන්ගේ සහ වැඩිහිටි කාන්තාවන්ගේ රන් ආභරන සහ මුදල් පසුමිබ් කොල්ලකෑමද ඉතා බහුලව සිදු වේ. එමෙන් මේ වනාන්තරය උපයෝගී කරගෙන හොර සුරා විකිණීම, බුරුවා ගැසීම වැනි නිතී විරෝධී සුදු පොලවල් පැවැත්වීම ගණිකාවන් හෝ වෙනත් කාන්තාවන් මාර්ගයෙන් සිදු වන අපචාර කී‍්‍රයාවන්ද මෙම වනන්තර භූමිය තුල ඉතා බහුලව සිදුවේ. මෙවැනි තත්වයන් පිලිබදව වගකිව යුත්තන් නිහඩ නිද්‍රාශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම බහුතර ගම්වැසි ජනයාගේ කුතුහලයට හා සැකයට ලක් වී තිබේ. නීත්‍යානුකූලව මෙම ඉඩම් අයත් වන රජයේ නිසි බලධාරියා වන්නේ කටාන ප‍්‍රදේශීය ලේකම් වරයායි. සමහර ගම්මුන් ප‍්‍රදේශීය ලේකම්වරයාට සංවර්ධන වත්තේ සිදු වන මෙම අහිතකර සහා අයහපත් කි‍්‍රයාවන් පිලිබදව පැහැදිලි කරමින් අවස්ථා ගනනාවකදී වාචිකව හා ලිඛිතව දැනුම්දීම් කර ඇත. එලෙසම මෙම ප‍්‍රදේශය අයත් වන කටාන ප‍්‍රදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම් වාරයන් කිහිපයකදීම ප‍්‍රාදේශීය සභා සභිකයින් මේ සංවර්ධන වත්ත භූමිය පිලිබදව ප‍්‍රදේශීය සභා සභාපතිවරයාගේ අවධානයට ලක් කර තිබේ. එහෙත් ඒ සියළු දැනුම් දීම් මතක් කිරීම් වලින් ලැබුනු කිසිදු ප‍්‍රතිපලයක් මෙතෙක් දක්නට නැත.
කෙසේ නමුත් ජෛව විවිධත්වය අතින් ගත් කල මෙම සංවර්ධනවත්ත යනු ඉතා සංවේදි පාරිසරික වශයෙන් වැදගත් වනාන්තර කලාපයක් බවට මේ වන විට පත්ව ඇත. අක්කරර 88 ක් පමන වන විශාලත්වයකින් යුත් මෙම වනන්තර භූමියේ දවට, මාදං, කහට, දෙමට, කොහොඹ ඇතුළු දුර්ලභ වෘක්ෂයන් සමුහයක් ද බෝවිටියා, දං, බාලොලියා, ඔලිඳ යනාදී දුර්ලභ කුඩා පදුරු විශේෂයන්ද දැක ගත හැකිය. එලෙසම එම භූමිය අසල ගම්මානයක වෙසෙන වයෝවෘද්ධ වැඩිහිටියෙකු පැවුසුවේ මෙම වනාන්තරය තුල දුර්ලභ ඝනයේ බෙහෙත් ඖෂධ සඳහා යොදා ගැනෙන තුරු ලතා රාශියක්ම ඇති බවයි. එලෙසම මීමැසි බමරුන් දෙබරුන් සහ සමනල විශේෂ කිහිපයක්ද මේ වනාන්තරය තුලදී දැක ගත හැකිය. ගෙම්බන් ඉබ්බන් කබරයි යනාදී ජෛව තත්වය පාලනය කෙරෙන සතුන් ද හාවන් තලගොයි සහ උරග විශේෂ ගනනාවක් ද මෙම වනාත්තරය තුලදී දැක ගත හැකිය. එලෙසම කහ කුරුල්ලා, කිරලා, වවුලන්, බස්සන් සහ ආගන්තුක සංචාරක පක්ෂීන් ගනනාවක්ද මෙම වනාත්තරය සිය වාස භූමීය බවට පත් කර ගෙන ඇති අන්දම මෙම භූමියට පිවිසෙන්නෙකුට කදිමට දැක ගත හැකිය.
එක් ස්ථානයක වැලි පසද තවත් ස්ථානයක මැටි මිශ‍්‍ර පසද තවත් තැනක සශී‍්‍රක පසක් ද දක්නට ලැබෙන මෙම වනාන්තරය කටාන ආසනයට පමනක් නොව මීගමුව ආසනයටම ඇති ගොඩ බිම පිහිටි එකම සුවිශාලම වනාන්තර භූමිය වේ. මෙය ඇත්නේම රැක ගත යුතු සහ සංරක්ෂනය කල යුතු මාහැගි දායාදයකි. එහෙත් වගකිව බලධාරීන් එසේ කරනවා වෙනුවට මේ වන විට සිදු කෙරෙමින් පවතින්නේ මෙම වනාන්තරය ජවාරම්කරුවන්ගේ සහ අපචාර අපාරාධ කරුවන්ගේ පරාදීසයක් බවට පත් වීමට ඉඩ හැරීමය. මෙතැන් පටන් හෝ මෙම වනාන්තර භුමියේ සිදුවන වැලි කොල්ලය හා අනෙතුත් ජාවාරම් අපචාර කි‍්‍රයා සිදුවීම වැලැක්වීමට බලධාරීන් කි‍්‍රයා නොකරන්නේ නම් මේ සංවේදී පරිසර කලාපය සමාජ හා පාරිසරික අර්බුද ගනනාවත් ඇති කරන මර්මස්ථානයක් වනු නොවනුමානය.