කටානේ පෙර පාසල් චිත්‍ර තරඟයකට පා. මන්ත්‍රීවරියකගෙන් බාධා ??

0
676

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි විසින් සිය පළාත් සභා ප්‍රතිපාදන යොදවමින් ලෝක ළමා දිනය නිමිතිකරගෙන   ආරම්භ කරන ලද ළමා වැඩසටහන් මාලාවක්  අතර මගදී  නවතා දමන්නට සිදුව ඇති බව ඔහු පවසයි. කටාන ආසනයේ පෙර පාසල් ළමුන් හා දෙමාපියන්ද සම්බන්ධ කරගනිමින් චිත්‍ර තරගයක් මෙන්ම  ළමා හිංසනය හා ළමා අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබී ඇති අතර එහි ආරම්භක වැඩසටහන් 3ක් පමණ ඔක්තෝම්බර් මස 03 වනදා සිට පවත්වාගෙන ගොස් තිබේ. මෙම වැඩසටහන් පවත්වා ඇත්තේ පාසල් වල බැවින් ඒ සඳහා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේද ලිඛිත අවසරයක් ඇතිව මෙම වැඩසටහන් පවත්වා ඇත.
මේ අතර ආඩිඅම්බලම නීලවත්ත කනිෂ්ඨ විිද්‍යාලයේ මෙම වැඩසටහන පවත්වමින් සිටියදී   මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් දුරකථන ඇමතුමක් මගින්  මෙම වැඩසටහන නවත්වන ලෙස දැනුම් දී ඇත. එහිදි වැඩසටහන මෙහෙයවන්නන් හට ඔහු පවසා ඇත්තේ ,‘‘ කටාන ප්‍රෙද්ශයේ පා.මන්ත්‍රීවරියකගෙන් මට බලපෑමක් ඇවිත් තිබෙනවා මේ වැඩසටහන නවත්වන්ඩ කියලා, මෙතන ආණ්ඩු විරෝධී ක්‍රියාවක් සිදුවනවා කියලා ඕනා නම් මට ජනාධිපතිතුමාට දැනුම් දෙන්ඩ පුලුවන් කියලා එම මන්ත්‍රීවරිය පවසනවා ” යනුවෙනි.  ඒ නිසා මේ වැඩසටහන නවත්වන්ඩ සිදුවන බව   , මිගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් දැනුම් දි ඇත.
කටාන ආසනයේ පෙර පාසල් 120කට පමණ දරුවන්ට චිත්‍ර තරග හා පාසල් බෑග් බෙදාදීමට ලක්ෂ හයාමාරක ප්‍රතිපාදන වෙන්වි ඇතත් ,කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මේ වනතෙක් මේ කිසිදු උපකරණයක් හෝ වියදමක් මේ වනතෙක්  නිකුත් කර නොමැති බව ද  රජිත හපුආරච්චි මන්ත්‍රීවරයා පවසයි.
එමෙන්ම මෙම වැඩසටහනේ දේශකයෙකු ලෙස ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය  සහභාගී වී ඇති අතර ඇයගේ සහභාගීත්වයද  කටාන ප්‍රා.ලේකම් කාර්යාලය විසින් වලක්වා ඇත. කටාන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන පවත්වන්නට ආරම්භ කර ඇතත් ඉතිරි වැඩසටහන් සඳහා ප්‍රතිපාදන හා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාද කරමින් ප්‍රා.ලේකම්වරයා ද මෙම වැඩසටහනට කිසිදු සහයෝගයක් නොදක්වන බව සංවිධායකවරුන් පවසති.
කටාන ආසනයේ පෙර පාසල් දරුවන් ගේ සුබසිද්ධීය වෙනුවෙන් වෙන්වූ ප්‍රතිපාදන මේ ආකාරයට දේශපාලන බලපෑමක් නිසා අපතේ යෑමට හැර තිබීම ඉතා අමනෝඥ ක්‍රියාවක් වන අතර අනෙක් පැත්තෙන් රාජ්‍ය  සේවයේ නිලධාරීන්  එක් දේශපාලන ප්‍රවාහයකට පමණක් යට වීම තවත් කණගාටුදායක  සිදුවීමකි.
10614353_10205053570967063_4519760746448457351_n

HanthanaSchoolLabs01