කටුනායක ගැවසෙන මැජික් හොරා..?

0
254

Negombo-News කටුනායකින් අපට අපුරු පුවතක් වාර්තා වුණා.ඒ තමයි කඩවලට ඇවිත් මැජික් ක්‍රමයට සල්ලිවලට විදින හොරෙක් ගැන.

දවසක් මේ හොරා කඩයකට ඇවිත් ඒකේ ඉදල තියෙන්නේ කාන්තාවක් . මේ මනුස්සයා රු 2000 ක් දිල මෙගා සෝඩා බෝතලයක් ඉල්ල තියෙනවා.පස්සේ කිව්වලු මේ කඩේ ගණන් වැඩියි වෙන කඩවල නම් මේ ගාන නෙමේ කියල පොඩි කලබලයක් එහෙම කරල තියෙනවා.එහෙම හොරා කියල එහෙනම් මිස් මට සෝඩා එපා කියල අර රු 2000 ඉල්ලගෙන තියෙනවා.තවත් දේවල් කියවන අතරේ එක්කෝ කමක් නැ මිස් මට එහෙනම් දෙන්නකෝ ආයේ වෙන කඩවලට යන්න වෙලාවකුත් නැ නෝනයි ලමයත්  පාරේ එහෙ පැත්තේ ඉන්නවා කියල තියෙනවා.

අර කඩේ කාන්තාව මේ කලබලය අස්සේ රු 2000ක ඉතුරු සල්ලි දිල තියෙනවා.ආයෙත් හොරා කියල තියෙනවා එක්කෝ මිස් සෝඩා එපා කියල ඉතුරු සල්ලි දිල තියෙනවා ඒ දෙනකොට රු 1000 කොළයට විදල.අර කඩේ කෙනා සල්ලි ගණන් කරල බලද්දිත් මිනිහ නැලූ.මාරැ වෙලා ගිහින්.

මේ ක්‍රමයටම කටුනායක කඩ කිපයකටම මේ ක්‍රමයට හොරකම් කරල තියෙනවලු . හැබැයි එකම කෙනා නෙමෙයි.ටිම් එකක් ඉන්නවලු.