කටුනායක ගුවන්තොටේ මගීන්ට බලපෑම් කළ 60 ක් අත්අඩංගුවට !

0
79

airport-123_0ජාතන්තර ගුවන් තොටුපලක් යනු විදේශිකයෙකු හට ඒ රට පිළිබදව පළමු අත්දැකිම ලබා දෙන තැනයි. එබැවින් එහි විවිධ සේවාවන් වල නිරත සැම වෙත පැවරෙන වගකිම අති මහත්ය.
එහෙත් කටුනායක ගුවන් තොටුපලට අදාල තවමත් තැන් කිපයක ක්‍රියාත්මක වෘත්තිමය නොවන ක්‍රියාකාරකම් නිසා කැලලක් ජාත්‍යන්තර වෙත එකතු වෙමින් තිබේ.
මේ අතර පසුගිය කාලය තුල වඩාත් කථාබහට ලක්ව ඇති තැන බවට පත්ව තිබුනේ කුලි රථ සේවාවය.
මගින් තවමත් කරදරයක් වෙමින් විවිධ බලපැම් වල නිරත ඇතැම් තැරැව්කරුවන් තවමත් ගුවන් තොටුපල තුල ක්‍රියාත්මකය.
මේ අකාරයෙන් කටයුතු කළ දෙදෙනෙකු  ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින දේශීය සහ විදේශීය ගුවන් මගීන්ට බලපෑම් කරමින්  සිටියදි තැරැව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) රාත්‍රී 9.45 ට පමණ පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සිදු කළ හදිසි මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබුණි.දඊට අමතරව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ද , එදිනම නීතිවිරෝධී ලෙස ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටිමින් , ගුවන් මගීන්ට බලපෑම් කළ පුද්ගලයින් 02 කුද සිය භාරයට ගෙන ඇත.එමෙන්ම අදත් (22) තවත් එසේ බලපෑම් කළ පුද්ගලයින් 04 දෙනෙකු ද අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව 2020 ජනවාරි මස 01 දින සිට මේ දක්වා කාළය තුල මෙවැනි පුද්ගලයින් 60 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන  අධිකරණය ක්‍රියාමාර්ග සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය පවසා තිබේ.
මුලාශ්‍රය- දෙරණ