කටුනායක සීදුව MOH කලාපයෙන් ආසාදිත රෝගින් 280 ක් !

0
177

1595855439-Corona_Positive_Lඊයේ දිනය තුල  ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවාසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් 1,702 ක් වාර්තා වී ඇති අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 268 දෙනෙකු බවද ඈපා මහතා පැවසු බව වැඩිදුරටත් එහි සදහන්ය

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට පරිබාහිරව පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් ඊයේ දිනය තුල  කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී තිබුනේද නැත

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළ ඊයේ සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 23 දෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන් දොම්පේ සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 280 ක් බවද කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පවසා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here