කටුනායකදි ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී එක් අයෙක් මරුට

0
103



කටුනායක සරත් මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මගේ ධාවනය කළ තී්‍රවිලර් රථයක් විසිවනදා පෙරවරුවේ මීගමුවේ සිට පැමිණි දුම්රියේ ගැටීමෙන් තී්‍රවිලර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් එක් අයෙක් රොහල් ගතකර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ විසිවනදා පෙරවරු දහය පසුවී මිනිත්තු හතලිස් පහට පමණ මීගමුවේ සිට කොළඹ බලා ධාවනය කෙරණු දුම්රියේ ගැටීමෙනි. මියගොස් ඇත්තේ 58 වු වැලිහේනේ පදිංචි කරුවෙකි. පිටුපස අසුනේ සිටි පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති බව කටුනායක පොලීසිය පවසයි. පසුව තුවාල කරුව මීගමුව රෝහල වෙත යොමුකර තිබේ.

අනතුරට පත් තී්‍රවිලර් රථය පැඳවූ රියදුරු ගේ හිසට දැඩි හානි සිදුවී එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බවද අනාවරණයවේ. මෙම දෙදෙනා විවිධ භාණ්ඩ ඩිලිවරි යන දෙදෙකේ බවද පොලීසීය කීය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ ගේට්ටුවක් තිබුණත් එහි ක්‍රියාකරුවන් සේවය කරන්නේ දහවල් දෙකේ සිට පස්වරු හය වනතුරු බවයි. ඉතිරි වැඩ මුර දෙකටම ගේට්ටු මුරකරුවන් නොමැති බවත්ය. වාහන වලට දුම්රිය හරස් මගටම පිවිස දෙපස බැලීමට සිදුවී ඇත. සරත් මාවත ඉතා පටුමාර්ගයක් හෙයින් තවත් අනතුරට හේතුවක් වන බව ප්‍රදේශයේ ජනතාව පවසයි. මෙම ස්ථානයට විදුලි සඥා පුවරුවක් අත්‍යාවශ්‍ය බවත් මෙම ස්ථානයේ මේ වන විට විශාල පිරිසක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති ස්ථානයකි.

මින් ඉදිරියට තව තවත් මෙම ස්ථානයේ දුම්රිය අනතුරු විමට ඉඩ හැර බලා නොසිට මෙම තත්වයට වගකිවයුත්තන් ගේ අවදානය යෝමුකර දෙන මෙන් ප්‍රදේශ වාසීන් වගකිවයුත්තන් ගෙන් ඉල්ලීමක්ද කරසිටී.

මෙම දුම්රිය හරස් මග මරුකපොල්ලක් වන බව ප්‍රසිද්ධ කරුණකි. මෙම ස්ථානයට කලර් ලයිට් සහිත ගේට්ටුවක් අවශ්‍ය බව ප්‍රදේශයේ ජනතාව මින් ඉහත කීපවතාවක්ම උත්ඝොසන පවා සිදුකර ඇති ස්ථානයකි. වගකිව යුත්තන්ව දැනුවත් කර තිබුනත් මේදක්වා කිසිදු ප්‍රථීඡාරයක් නැති බවද ප්‍රදේශ වාසීන් පවසා සිටී.

මෙම අනතුර පිලිබඳව කටුනායක පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
( සීදූවේ විජිත )