කටුවපිටිය පල්ලියේ පිපිරිම සිදුකළ බෝම්බකරු පදිංචිව සිට ඇත්තේ පල්ලියට කිලෝමිටරයක දුරින් !

0
101

DSC_0451new(8.45am) මීගමුවේ ආරක්ෂක තත්වය පිළිබදව විශේෂ සාකච්ජාවක් ඊයේ (26) දිනයේ මීගමුවේදී තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදි පැවැත්විණි.
මේ සදහා  සර්ව ආගමික නායකයින් සහභාගිව සිටියහ.
මේ අවස්ථාවට එක්ව සිටි  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ කටුවපිටිය දේවස්ථානයේ 21 වනදා බෝම්බ ප්‍රහාරට  සිදුකළ පුද්ගලයා සිට ඇත්තේ දේවස්තානයේ සිට කිලෝමීටරයක පමණ දුරින් නිවසක් කුලියට ගෙන බවය.
එමෙන්ම  ඒ විනාශකාරි බෝම්භය නිපදවා ඇත්තේ මේ ස්ථානයේදිම බවට  සැක කළ හැකි බවට සලකුණු ද එහි තිබු බව ඔහු වැඩිදුරටත් පවසන ලදී.
මේ අවස්ථාව සදහා ප්‍රදේශයේ දේශපාලකයන්ද එක්ව සිටිනු දක්නා ලදි .
57592781_2017019768592534_8979667298897887232_n