කඩොල් කපා කලපුව ගොඩ කලාට රු.10000 ක දඩයක්

0
89

කඩොලාන ශාඛ කපා දමමින් කලපුව අනවසරයෙන් සංවර්ධනය කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝබර් 05 වැනි දින මීගමුවේ, පදිංචි කරුවෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මීගමුව ඇලෙක්ස් පාරේ අංක 12/6 . දරණ ස්ථානයේ පදිංචි දොන් සුමිත් නිශාන්ත
නැමැති මෙම පුද්ගලයා මෙම චෝදනාව සම්බන්ධයෙන් තම වරද පිලිගත් බැවින්
මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය  විසින් රු.10000 ක දඩයක් ඔහුට නියම කලාය.
කොළඹ පොලිස් පාරිසරික කොට්ඨාශ ඒකකය මගින් ලබා දුන්
උපදෙස් මත
මීගමුව පාරිසරික පොලිස් ඒකකය මගින් මෙම පුද්ගලයාව අධිකරණයට යොමු
කර තිබිණි.