කඩොල් කැලේ පිට්ටනියේ බොරළු මගඩියට ප්‍රා.ලේ.කාර්යාලයේ නිළධාරිණියක් සම්බන්ධයි ?

0
63
 boralu case

දේශපාලන අධිකාරිය හා එක්ව දුෂණ සිදුකිරිමට කප් ගසා ඇති රාජ්‍ය නිළධාරින් සිටින ප්‍රධාන නගරයක් ලෙසින් මීගමුවත් හදුන්වා දෙන්නට පුළුවන .පසුගිය කාලය තුල මෙහි ඉදිරියෙන්ම සිටියේ මීගමු මහනගර සභාවේ නිළධාරින්ය.
දැන් ඒ අයට කරට කර තරගයක් දෙන්නට මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද ඉදිරියට එමින් තිබේ.
මෙහි අළුත්ම ගැහිල්ල වන්නේ අප දැනටමත් හෙළිකරව් කර ඇති කඩොල් කැලේ ක්‍රිඩාංගනයට බොරළු පිරවිමට අදාල ව ඇති මගඩියයි.
සිදුවිම කෙටියෙන් මෙසේය.
නිමල් ලංසා මහතා පළාත් සභා ඇමැතිවරයාව සිටි සමයේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයට සම්බන්ධ කාය සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබාදිම සදහා රු ලක්ෂ 30 ක් වෙන්කර ගෙන ඇත.
ඒ ක්‍රිඩා භාණ්ඩ බෙදාදිම නගර සභාව හරහා කිරිම සදහා ඇති ඉඩකඩ විමසා බැලු ඇමතිවරයාට ඒ සදහා අවසරයක් නොලැබෙන්නේ නගර සභාවට හරහා දෙන දෑ ගබඩාව හරහා දිය යුතුව තිබු බැවිනි.
එබැවින් කායවර්ධනයට ලක්ෂ 30 ක් මුදවාගැනිම අපහසු විය.
එහෙත් අදාල පිරිස කෙසේ හෝ මේ ලක්ෂ 30 ගැනිම සදහා සැලැසුම් සකස් කරන්නට යෑමේදි එය කෙලවර වන්නේ කඩොල් කෑලේ ක්‍රිඩාංගනයට බොරළු දමා තුනිකර දිම වෙනුවෙන් වු වැය ශිර්ෂයක් බවට පත්වෙමිනි.
එහෙත් එහි මුදල් හැසිරවිමේ වගකිම ලැබුනේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙතය.
ඒ අනුව මේ බොරළු මගඩිය ව්‍යාපෘති  2කක් ලෙසින් කැඩුණි.
එනම් ලක්ෂ 15 වේ දෙකක් ලෙසය.
ඒවායේ ව්‍යාපෘති අංක වනුයේ H585882103003 සහ J58882803004 යනුවෙනි.
මේ මුදල් පළාත් සභාවෙන් අනුුමතව මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ඒවා තිබුනේ 2015 මාර්තු 16 වනදාය.
තතු මෙසේව තිබියදි ඊයේ අප මේ ගැන විමසා සිටි අවස්ථාවේදි මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ ප්‍රියාන් නම් නිළධාරිණිය අපට පිළිතුරු සපයා තිබුනේ ඇය මේ ගැන කිසිවක් නොදන්නා ලෙසය.ඇතැම් දැ ඇයට මතක නැතැයි කීය.
එහෙත් ඇය සිල්ල දනි.අපට දැම්මේ බබා පාට්ය.
නගර සභාවේ කිසිදු නිල අනුමැතියක නොවුනද ඇස්තමේන්තු සකසා තිබුනේ බණ්ඩාර නම් තාක්ෂණ නිළධාරියා විසිනි. ඔහු මීගමුවේ සිටින අංක එකේ කප් ගැසු පගාමරුවෙකි.
මේ බොරළු  ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ප්‍රකාර සිදුකර හමාර යැයි මීට මාසයකට ඉහතදි බණ්ඩාර නම් තාක්ෂණික නිලධාරියා විසින් ලිපියක්ද ලබාදි හමාරය .එමෙන්ම මීගමුව මහනගර සභාවේ ඉජිනේරු අංශයෙන්ද ඇස්තමේන්තු ගත බොරළු ප්‍රමාණය අතුරා සමතලා කර ඇතැයි සදහන් ලිපියක් ලබා දි හමාරය.
තතු එසේ තිබියදි යළිත් පසුගිය දිනවල කඩිමුඩියේ බොරළු බාන්නටත් තුනි කරන්නට මේ පිල්ලි කල්ලිය කලබල වුයේ ඇයි ?
මේ බොරළු මගඩිය ගැන දැන් බස්නාහිර පළාත් සභාවේ පත්තු වි හමාරය.බොරළු බාන්නේ නැතිව වෙන්කර ගන්නට සැලැසුම් කල මුදල් වලින් දැන් කලබලයෙන් බොරළු දමන්නට මේ පිල්ලි කල්ලියට සිදුව තිබේ.
මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රියානි නැමැත්තිය අපට පවසා තිබුනේ මෙම කොන්ත්‍රාත්තුව ලබාදි ඇත්තේ වැල්ලවිදියේ සමිතියකට බවය.
එහෙත් 2016 මාර්තු 01 වනදා කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ බොරළු තුනිකරන්නට යොදාගෙන තිබුනේ මීගමුව මහනගර සභාවට අයත් බොස් කැට් වර්ගයේ යන්ත්‍රයකි.
මේ මගඩියට අදාල තවත් බොහෝ දේවල් ඉදිරියේදි එළිවිමට නියමිතය.
මාර්තු මාසයේ මීගමුම ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි එහි සමසභාපතිවරයෙකු වන නියෝජ්‍ය ඇමති නිමල් ලංසා කියන්නට යන්නේ මොනවාදැයි හොදින් අසා දැනගන්නට එහි පැමිණෙන ලෙස මීගමුට ආදරයක් ඇති සැමට අප ඇරයුම් කරමු.
එපමණක් නොව රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් මීගමුව තුලදි වගකියන්නට බැදි සිටින මීගමුව ප්‍රාදේශිය ලේකම් තුමා කියන්නට යන්නේ මොනවාදැයි අප ඉතා විමසිල්ලෙන් සිටිමු.