කඩොල් හිටවන අය කඩොලාන විනාශ කරන සැලසුම් වලට එරෙහිවත් අරගල කරනවද?

0
486

ජගත් කඩොලාන දිනය (26) ඊයෙට යෙදි තිබුණි .මීගමු කළපුවේ කඩොලාන වර්ග 18ක් ඇත. මේවා විනාශ කිරීම නීතියෙන් තහනම් ය.

මීගමුවේ සිට කොළඹ දක්වා දිවෙන නාගරික පරිසරයේ ඇති දැඩි උණුසුම හා පරිසර දූෂණය අවම කරමින් පිරිසිදු ඔක්සිජන් ලබාදීමට කළපුව වටා දිවෙන මේ කඩොලාන පද්ධතියෙන් හා මුතුරාජවෙල රක්ෂිතයෙන් වන මෙහෙවර අනුපමේය ය.

එහෙත් වර්තමානයේ සැලසුම් කර තිබෙන මීගමු සංවර්ධන සැලැස්මට අනුව මෙම කඩොලාන මුන්නක්කරය ආශ්‍රිත ඉතා සුළු කොටසකට සීමා කර රේඛීය උද්‍යාන( Linear gardens) , ඇවිදින මංතීරු, බයිසිකල් මංතීරු ඉදිවනු ඇත.
දැනටමත් අදාළ නීතිරීති උල්ලංඝනය කරමින් සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් කළපුව වටා ඉදිකර ඇත. තවද, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකළේ ද කඩොලාන සුවිශාල විනාශයකට ලක් කරමින් ය.

ඉතින් බොරුවට කඩොලාන දිනයක් ප්‍රකාශ කරනවාට වඩා හොඳ නැද්ද ආණ්ඩුව කෙළින්ම අපේ රීරි මාංශ උරා බොන එක යැයි ජනෝදානයේ අජිත් හැඩ්ලි විසින් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

අපටත් මෙහිදි මතු කළ යුතු කරුණක් වන්නේ මේ වන විට විවිධ ව්‍යාපෘති මුල්කරගනිමින් කඩොලාන පැල සිටුව්ම,කඩොලාන පරිසරය පිරිසුදි කිරිම වැනි දේවල් පසුගිය දිනවල මිගමුව කලපුව ආශ්‍රිතව මෙන්ම වෙනත් තැන්වලද සිදුකරමින් තිබේ.

එහෙත් කඩොලාන පරිසරය ගැන මෙලෝ හැඟිමක් නැති බහුතරයක් දේශපාලකයන් මෙන්ම ඒ අයගේද අනුග්‍රහයෙන් කඩොලාන විනාශ කරමින් සල්ලි හම්බ කරන්නට කටයුතු කරමින් සිටින අයට එරෙහිව මේ කඩොල් හිටවන්නට පෙළ ගැසෙන අය එකතුවෙයිද යන ගැටලුව මේ වන විට අපට මතුවෙමින් තිබේ.

⁣කඩොලාන පරිසරය ගැන ඇති ඇත්ත හැඟිම ව්‍යාපෘති සිමාවෙන් ඔබ්බට යන්නේ නම් පමණක් මේ කඩොල් හිටවන තරුණ කොටස් ඒවා රැකිමටත් කොන්දේසි විරහිතව එක්විය යුතුව තිබේ.

එය එසේම දැයි අප අවධානයෙන් සිටින්නෙමු.

එසේ නොවන්නේ ව්‍යාපෘති උවමනාව වෙනුවෙන් මේ කඩොල් හිටවන කණ්ඩායම් තවත් සේල්ස් රෙෆ්ලා පිරිසක් පමණක් වනු ඇත.

නිමල් ලංසා මිගමුවේ නගරාධිපතිව සිටියදි කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කළ අවස්ථාවේ එයට එරෙහිවන්න මිගමුවේ කිසිවෙකුත් සිටියේ නැති තරම්ය.
මිගමුවේ අදටත් ක්‍රියාත්මක බොහෝ රාජ්‍ය නොවන සංවිධාන මුනිවත රැක්ක හැටි නම් අපට තාමත් මතකය