කතකගේ දිවි බේරා – මාලය සොරකම් කරලා

0
372

A_Thief_Snatching_a_Womans_Purse_Royalty_Free_Clipart_Picture_100221-120790-151053 පසුගිය 14 වනදා සීදූව ප්‍රදේශයේදී  යතුරු පැදියක ගැටි අනතුරට පත් කාන්තාවක් ප්‍රතිකාර ගැනීම සදහා රෝහලට රැගෙන යමින් සිටියදී උදව්වට ගිය නාදූනන පුද්ගලයෙකු විසින් අනතුරට පත් කාන්තාවගේ  ගෙලේ තිබු රන් මාලය හා පැලද සිටි රන් ආබරන  ගලවාගෙන පලාගොස් ඇත.
ඊයේ (16)  සීදූව පොලිසිය විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල ඒකල මෛත්‍රී මාවතේ පදිංචි 45 පමණ වයස ඇති දරුවන් සිව් දෙනෙකු සිටින පුද්ගලයෙකු වේ.
ඉකුත්  14 දින සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේදී කොළඹ මිගමුව ප්‍රධාන මාර්ගය හරහා කාන්තාව පාර මාරු වෙමින් සිටියදී යතුරු පැදියක ගැටි අනතුරට පත් අවස්ථාවේ සිහිසුන් නැති කාන්තාව මාර්ගය අසල සිටි බස් රථ රියදූරෙකු විසින් මිගමුව දෙසට ගමන් කරමින් සිටි කුඩා ලොරියක් නතර කර යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ලොරියේ ඉදිරිපස දමා තුවාල ලබා සිටි කාන්තාව රථයේ පිටුපසට දමා එම බස් රථ රියදූරා ලොරියේ පිටුපස ගොඩ වි ඇති අතර ලොරි රථය මිගමුව රෝහලට ගොස් නතර කර පිටු පස සිටි රෝගී කාන්තාව රෝහලට ඇතුලත් කිරිම සදහා ලොරි රියදූරු පිටු පස සිටි කාන්තාව දෙසට යන විට ලොරිය ඇතුලත සිටි උදවිවට පැමිණි පුද්ගලයා එහි සිට නැති බව ලොරියේ රියදූරු දැක ඇත.
අනතුරට පත් සිහිසුන්ව සිටි කාන්තාව රෝහලට ඇතුලත් කර මද වේලාවකින් පියවි සිහිය ආවිට ඇය පැලද සිටි ආබරණ නැතිබව දැක සිද්දිය සීදූව පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ. ඒ. ඒ. විරතිලක මහතා ඇතුළු පොලිස් නිළධාරි කණ්ඩායමක් අනතුර සිදූවු ස්ථානය අසල සී සී ටි කැමරා පරික්ෂාවට ලක් කිරීමේදී දී අනතුරට පත් කාන්තාව සමග ලොරි රථයේ පිටු පස ගමන් කර පුදගලයා හදූනා ගෙන ලියනගේමුල්ල අරලිය මාවතේ තාවකාලික  කාමරයක  පදිංචිව සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී සැක කරු සන්තකයේ තිබි රන් මලය හා ඉතිරි රණ භාණ්ඩ ජාඇල උගස් මධ්‍යස්ථානයකට උගස් තිබියදී රුපියල් අනු එක් දහසක් වටිනා එම රණ භාණ්ඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සිද්දිය සම්බන්දයෙන් සැක කරු  අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 22 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස මිගමුව මහෙස්ත්‍රනාත් තුමිය නියෝග කලේය.


මිගමුව ප්‍රියපේම මාණික්කරත්න