කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිම යටතේ අවසන් කටයුතු සිදුවිය.

1
242

රාජපක්ෂ ආණ්ඩුවේ පොලිසිය විසින් ඝාතනය කළ රෝෂේන් චානක ගේ සිරුර කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිමේ යටතේ අද භූමදානය කරන ලදි.වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළු සියළු සංවිධාන සිය සාමාජිකයන් වෙත දන්වා තිබුනේ පස්වරු 1 ට හල්ලොලුව මංසන්දියට පැමිණෙන ලෙසය.දැ

එහෙත් මේ සියළු දෙනාම අද මවිතයට පත්වුයේ රොෂේන් ගේ අවමගුල අද උදෑසන සිදුකිරිම සදහා හල්ලොලුව ශා.අගෝස්තිනු මුනිදුන්ගේ දෙව්මැදුරට රැගෙන ගිය බව දැනගැනිමත් සමගය.එහෙත් මේ සැලැස්ම වෙනස්ව ඇත්තේ ගම්වැසියන් අතරේ සිදුව ඇතැයි කියන යම් උණුසුම් තත්වයක් හේතුකොටගෙනය.කෙසේවෙතත් ශ්‍රි ලංකීය ඉතිහාසයේ අප දන්නා තරමින් පළමු වතාවට කතෝලික දෙව්මැදුරක් funeral Parlor එකක් විය.අද උදෑසන සිට ඝාතනයට ලක්වු කම්කරුවාගේ දේහය තැන්පත් කර තිබුනේ T 56 ආයුධවලින් සන්නද්ධ සියගණනක් වු සෙබළුන්ගේ  පුර්න ආරක්ෂාකාව යටතේය.

කිතුණු පිළිවෙත් වලට අනුව දිව්‍ය පුජාවක්ද සහිතව අවසන් කටයුතු සිදුකළ අතර අවමගුල් පෙරහැර සිදුකරන අන්දම ගැන වු නියෝග ඉදිරිපත් කළ කතෝලික පියනම අපට සිහියට ගෙන ආවේ අධිකරණ කටයුතුභාරව සිටින සාජන් වරයා ලෙසය.

එකදු ආණ්ඩුවේ මැති ඇමැත්තෙක් නොසිටි අතර එජාපයෙන් පැමිණ සිටියේ දොස්තර ජයලත් ජයවර්ධන මහතා පමණි.ජවිපෙ නියෝජනය කරමින් එහි වෘත්තිය සමිති ප්‍රධානියෙකු වු වසන්නත සමරසිංහ පැමිණ සිටිනු දක්නා ලදි.P1070775 new

1 COMMENT

  1. Thank You Meepura for the great work.
    Mahinda regime should go home to finish this. However, we do not have an assurance how the next regime behave.?????
    What do you think?

Comments are closed.