කතෝලික සභාවේ ප්‍රධානින් ඉටු කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්ද ?l

0
36

malcom R‘අපිට තොරතුරු ලැබිලා තියනවා සමහර පෝස්ටර් ඇලවිලා තියනවා, කටවුට් තියනවා කියලා. තොරතුරු ලැබිලා තියනවා ඡායාරූපය යොදා ගෙන කටවුට් පෝස්ටර් නිර්මාණය කරලා තියනවා කියලා. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒවා ඉවත් කරන්න කියලා’ යනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සංදේශයේ සරෝජ් පතිරණ සමග පැවසූ බව බිබිසි සංදේශය විසින් වාර්ථා කර තිබුණි.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක හෝ ඉන් අනතුරු නුදුරු දිනක පාප් වහන්සේගේ සංචාරයක් යොදා ගැනීම සම්ප්‍රදාය බිඳ දැමීමක් නොවේදැයි යන්න සංදේශය විමසූ අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජනාධිපතිවරණය යොදා ගන්නා ලෙස තමා ඉල්ලා සිටි බවයි.

‘ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත මේක කරන්න එපා, මොකද පාප්තුමාගේ සංචාරය දේශපාලන වේදිකාවල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. එක නිසා අපි ඉල්ලා හිටියේ පාප් වහන්සේගේ සංචාරයට ඉස්සෙල්ලා මැතිවරණය නිමා කරන්න කියලා’ යනුවෙන් කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා වැඩි දුරටත් කියා සිටියහ.
කෙසේ වෙතත් ජනවාරි 8 වනදා පැවැත්වෙන ඡන්දයේදි පාප් සංචාරයේ වාසිය ගැනිම සදා ආණ්ඩු පක්ෂ සාමජිකයන් උපරිමයෙන් ක්‍රියාකරනු ඇත.
එමෙන්ම ජනාධිපතිවරණය අවසන් විමෙන් පසු පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංවාරයට  ඇත්තටම ඇත්තේ දින 4 කි.
විශේෂයෙන්ම ඇතිව තිබෙන නව දේශපාලන වර්ධනයන් සමගින් මැතිවරණයෙන් පසුව ඉදිරි දින කිපය තුල තත්වය කෙබදු වේදැයි  අවිනිශ්චිතය.
තතු එසේ වුවද කතෝලික සභාව සැදි පැහැදි සිටින්නේ මේ සියළු වර්ධනයන් තුල පාප්තුමන්ව කෙසේ හෝ ලංකාවට ගෙන ඒමටය.
(තොරතුරු මුලාශ්‍රය -බිබිසි සංදේශ )