කන්‍යාසොයුරියක් දූෂණය කල පුද්ගලයෙකුට ඉන්දීය අධිරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

0
94

Part-DEL-Del6423785-1-1-02015 වසරේ මාර්තු මාසයේදී 71 වියැති  කන්‍යාසොහොයුරියක් දූෂණය කිරීම හා ඝාතනය කිරීමට තැත් කිරීමට වරදකරුවෙකු වූ බංග්ලාදේශ ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීම ඉන්දීය අධිකරණය තීරණය කර තිබෙනවා. මෙම සිදුවීමට සම්බන්ද පිරිස බටහිර බෙන්ගාල ප්‍රදේශයේ මෙම කන්‍යාසොහොයුරිය ජීවත්වූ කන්‍යාරාමයට ඇතුල්වී මෙම 71 හැවිරිදි කන්‍යාසොයුරිය දූෂණය කර ඇති අතර මෙම සිදුවීමෙන් පසු ඇයට ශල්‍යකර්මයක් පවා සිදුකිරීම සිදුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා.

ස්ත්‍රී දූෂණයට වරදකරු වූ නස්රුල් ඉස්ලාම් නැමැති බංගලාදේශ ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කල ඉන්දීය අධිකරණය මෙම සිදුවීමට සම්බන්ද අනෙකුත් වරදකරුවන් වෙත වසර 10 බැගින් වන සිරදඩුවම් නියම කර තිබෙනවා. ඔවුන්ගේ සිරදඩුවම වසර 10කට සීමා වී ඇත්තේ ඔවුන් ස්ත්‍රී දූෂණයට වරදකරුවන් නොවීම හේතුවෙනුයි.

 මෙම සිදුවීම සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ සිදුකිරීමේ හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී කන්‍යාසොයුරිය වරදකරුගේ දෑත් ස්පර්ශ කිරීමෙන් අනතුරුව වරදකරුව සෘජුවම හදුනාගත් බවයි පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ. කන්‍යාරාමයට ඇතුල්වූ අපරාධකරුවන් විසින් හි තිබූ මුද්ල හා අනෙකුත් ද්‍රව්‍යයද සොරකම් කර ඇති අතර ශු.බයිබලය ඉරා දමා ඇති අතර ජේසු තුමන්ගේ පිළිමයක්ද කඩා දමා තිබෙනවා.

සිදුවීමට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් පූජකවරුන් මෙන්ම පාසල් දැරියන්ද වීදිවල උද්ඝෝෂණයන්ගේ නිරත වූ අතර එම විරෝධතාවයන්ට සහය දක්වමින් කඩවල් හා පාසල් වසා දමා ඇති අතර කන්‍යාසොයුරියගේ ශල්‍යකර්මය සිදුකල රෝහල ඉදිරිපටද ඔවුන් ඉටිපන්දම් දල්වමින් තමන්ගේ විරෝධතාවය දක්වා තිබුණා.

මනි වසර 5කට පමණ පෙර නවදිල්ලියේදී වෛද්‍යසිසුවියක් සමූහ දූෂනයට ලක්වීමේ සිදුවීමෙන් පසු ඉන්දියාව විසින් ලිංගික අතවර සම්බන්දයෙන් වන නීතී දැඩි කල අතර මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ කතෝලික ජනකොට්ටාසය දැඩි කම්පනයකට ලක්වී ඇතැයි වාර්ථා වනවා. එලෙසම මෙම සිදුවීමට මාස කිහිපයකට පෙර සිටම කතෝලික ප්‍රජාවට එල්ලවූ ප්‍රහාරයන් වල දිගුවක් ලෙසත් මේ ප්‍රහාරය දැක්වීමට පුළුවන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ.


චින්තිකා මිතිලායා ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here