කප්පම් කල්ලියෙන් පහර කෑ පුද්ගලයන් කියන කතාව

0
136
  20150224_124726      කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ හල්පේ විල ප්‍රදේශයේ මැටි කපන කම්කරුවන් දෙදෙනෙකුට කටාන පුද්ගලයන් පිරිසක්  විසින් පහර දී ඇත.මෙම පහර දීම සිදුව ඇත්තේ සදුදා (23) පෙරවරු 9.30 පමණය.පහර දීමෙන් දෙදෙනෙකු රෝහල ගත කර ඇති මේ වන විට  ඔවුන් මීගමුව මුලීක රෝහලේ 06 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
     ආණ්ඩුව වෙනස් වූ විගසම මෙම කප්පම් කල්ලිය විසින් මෙම මැටිවල වල් වලින් මුදල් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධව කොච්චිකඩේ පොලීසියට පැමිණිල කර ඇති අතර  එක් වරක් මේ සම්බන්ධයෙක් පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇප දී නිදහස් කොට ඇත.මෙසේ තිබියදි පසුගිය සෙනසුරාදා මෙම කල්ලිය විසින් මැටිවල වෙත ඇවිත් පවසා ඇත්තේ මින් පසු මෙහි මැටි කපනවා නම් රෝස් ප්‍රනාන්දුව හෝ කිත්සිරි මංචනායකව හමුවන ලෙසටයි.ඉන් පසු මොවුන් විසින් කොච්චිකඩේ පොලිසියෙහි  CIB 352-251 අංකය යටතේ පැමිනිල්ලක් ගොනු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔවුන් පවසති.
   පසුව සදුදා දින පෙරවරුවේ මැටිවලට ගොස් සේවකයන් හට තර්ජනය කර ඇත.මේ සම්බන්ධව කොච්චිකඩේ පොලීසිය දැනුවත් කලද ඔවුන් එම ස්ථානයට පැමිණ  නැත.
  පසුව 30 පමණ පිරිසක් පැමිණ කඩු හා යකඩ පොලු වලින් නිලංග හා ඔහුගේ සොහොයුරා කල්‍යාණ වෙත පහර දී ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමට ගිය නිලංගගේ සහෝදරියගේ පැමිණිල්ලද පොලීසිය විසින් භාර ගෙන නැත. මෙම පහරදීම සිදු කිරීමට මඩම්පැල්ල ගොඩැල්ලවත්ත පදිංචි රුවන් හා ඔහුගේ බිරිඳද පැමිනි බව නිලංග මාධ්‍ය වෙත පවසන ලදි.  මීට අමතරව රන්ජන්,බැසිල් හා තවත් 16 දෙනෙකු නිලංග විසින් හදුනාගෙන ඇත.
මෙම පහරදීමට ලක් වූ කල්‍යාණ සමන්ත
අවුරුදු 15 ඉදලා මැටි කපනවා.ආණ්ඩුව පෙරලුනු දවස්වල ඉදන් සල්ලි ඉල්ල ඉල්ල හිටියා.ඉඩම් ඉල්ලුවා.ඒකට පැමිණිලි දැම්මා ඒ වුනාට පොලීසිය ගනන් ගත්තේ නැහැ.සෙනසුරාදා 11 වගේ ඇවිත් මැටි කපන එක නවත්තන්න කිව්වා.සදුදා ඉදලා වැඩකරන්වා නම් රුපියල් 200 දීලා වැඩකරන්න කිව්වා.සදුදා උදේ වැඩපොලේ  හිටියේ අක්කා.
උදේ එයාලා ඇවිත් වැඩකරන අයත් එළවලා තිබුනා.ඒක කොච්චිකඩේ පොලිසීයට පැමිනිල්ලක් දැම්මා OIC බලන්නම් කිව්වා ඒත් ආවේ නැහැ.
සදුදා උදේ 10 විතර තමා එයාලා අයේ ඇවිත් ගැහැවේ.යකඩ පොලුවලිනුයි කඩුත් තිබුනා.
20150224_124719