කපිල පොහොට්ටුවේ තනිවෙයි ! සකාට මීගමුව ශ්‍රිලනිප සමසංවිධායකධුරය !

0
70

kapiala picපොදු ජනඑක්සත් පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම්. සකාවුල්ලා මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් මීගමුව ශ්‍රිලනිප සමසංවිධායකධුරයේ පත්විම ලැබිමය.
අද දිනයේ සකාවුල්ලා මන්ත්‍රිවරයා මෛත්‍රි පිළට එක්වන බවට මුලින්ම හෙළිකරන ලද්දේ මීපුර වෙබ් අඩිවිය විසිනි.කපි
මීගමුව තුල එකාබද්ධ විපක්ෂය ගොඩනැගිමටත් පොහොට්ටුව ජනගතකිරිමටත් මුලිකත්වය ගෙන කටයුතු කර තිබුනේ පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා සහ හිටපු ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචනය.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කපිල නන්දසුලෝචන කියා සිටියේ තමන් පොහොට්ටුවෙන් මීගමුවට තරග කරන බවය.
යහපාලන ආණ්ඩුවේ ඇමතිධුරයක් දරන ගමන්ම මීගමුවේ මහින්ද පිළේ අපේක්ෂකයන්ද තෝරමින් ඔවුන් උපදෙස් දෙමින් ගෙන යන දවල් මිගෙල් රැ දනියෙල් ප්‍රතිපත්තියට සකාවුල්ලාගේ මේ පිම්ම මරු පහරක්ව ඇතැයි මේ වන විටත් මිගමුවේ දේශපාලන කවයන් අතර කථා බහට ලක්වෙමින් තිබේ.
මේ අනුව මීගමුව ශ්‍රිලනිපය සදහා නායකත්වය දිමට ලලිත් ටෙන්සිල් සහ එම් .සකාවුල්ලා පෙරමුණ ගැනිමට නියමිතය.