කපිලට යළිත් මරණ තර්ජන

0
53

මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතාගේ ජංගම දුරකථනයට මීට ස්වල්ප වේලාවකට කලින් දුරකථන ඇමතුම් 3 ක් ලැබි ඇත.මේ ගැන අපට කරුණු දන්වා සිටි මන්ත්‍රිවරයා පවසා සිටියේ 0724226672 යන අංකයෙන් තමන්ව අමතා සිටි සජිත් නම් අයෙක් අද රාත්‍රි 12 කලින් මරණ බවට තර්ජන කළ බවය. මෙම දුරකථන ඇමතුම් පිළිවෙලින් අද රාත්‍රියේ 07.07-7.10-7.19 මෙම දුරකථන ඇමතුම් ලැබි ඇත.මන්ත්‍රිවරයා තවදුරටත් පවසා සිටියේ දුරකථන ඇමතුම ලබාදුන් තැනැත්තා පවසා ඇත්තේ තමන් 100 ක් සමගින් සිටියත් අද රැට මරා දැමිමට කොන්ත්‍රාත් එකක් ලැබි ඇති බවය.

මේ සම්බන්ධයෙන් මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතාව දැනටමත් දැනුවත් කර ඇති අතර මීට මන්නයකින් පහර දි තමාව ඝාතනය කිරිමට තැත් කළ අවස්ථාවේදිද මෙවැනිම දුරකථන ඇමතුම ලැබුනු බවද මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here