කබලෙන් ලිපට වැටුන මිගමුවේ සරණාගතයෝ !

0
123

IMG_4682 අප්‍රියෙල් 21වනදා උදෑසන 8.45ට පමණ මීගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ පිපිරීමෙන් පසු මීගමුව නගරයේ සාමාන්‍ය ජන ජීවිතය තුළ  බරපතල වෙනසක් සිදුවිය.
21 වනදා සවස 6.00ට ලංකාව පුරා ඇදිරි නීතිය පැනවූ අතර එය තවදුරටත්  රාත්‍රී  කාලය තුල ක්‍රියාත්මය.
මීගමුව තුළ මේ වනවිට දැඩි ආරක්ෂාවක් පනවා ඇති අතර  ජනතාව තවත් පිපිරීමක් හෝ අනතුරක් වේවිද යන කුතුහලයෙන් ,බියෙන් පසුවෙති.
මේ හේතුව නිසාම  පසුගිය දින දෙක පුරාම කටුවපිටිය දේවස්ථායට පිවිසෙන්නන් මෙන්ම සුසාන භූමියට   ඇතුළ් වෙන පුද්ගලයන් පවා දැඩි ලෙස පරීක්ෂා කරන්නට ආරක්ෂක අංශ වලට සිදුවිය.
අද  (24) දිනත්  ඒ පරිදිම සිදුවිය.IMG_4670
මේ අතර යම් යම් ස්ථාන වල ඇතිවූ නොසන්සුන්තාවයන්ද වාර්තා විය.
මේ සියළු තත්වයන් එලෙසින් වර්ධනය වෙමින් පැවැතෙද්දි බරපතල අසරණභාවයටක පත්වු ජනකොටසක් දැන් මිගමු තුල වෙයි
මීගමුව තුළ සරණාගතව ජීවත්වන පකිස්තානයෙන් පැමිණි ප්‍රජාවක් සිටින අතර  පාකිස්තානය තුළ  තිඛෙන ආගමික පීඩාවන් හේතුවෙන් ඔවුන් දැනට වසර 3ක පමණ කාලයක සිට මෙහි ජීවත් වේ.
මෙම ජනතාව සරණාගතයන් පිලිබද එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් කාර්යාලයේ (UNHCR) රැකවරණ මැද ජීවත්වෙන අතර ඔවුන් සිය මව් රටින් පිටුවහල්වීම හේතුකොටගෙන ඇතිවී ඇති දුෂ්කරතා වෙනුවෙන් මේ අතරින් සමහර පුද්ගලයින්ට  සරණාගතයන් පිලිබද එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන්  ජීවන දීමනාවක් ලැඛෙයි. උර්දු බස කතා කරන මෙම ජනතාව මේ වනවිට වසර 3කට ආසන්න කාලයක්  මීගමුව තුළ සාමකාමීව ජීවත් විය.IMG_4659
තවත් පුද්ගලයන් මේ වනවිට මීගමුවේ සහ අවට  රැකියාවන්හීද නිරතව සිටිති.
මෙම බෝම්බ පිපිරීමත් සමගම මෙම ජනතාව තුළ යම් අසහනකාරී මෙන්ම භීතියක් උදාවි තිඛේ.
එයට අදාළව සිදුවීම් කීපයක් සිදුවූ අතර ඒ සෑම අවස්ථාවකදීම මීගමුව පොලීසිය හා කටාන පොලීසිය මැදිහත්ව ඔවුන් වෙත ආරක්ෂාව සපයන ලදී.
21 වනාදියින් පසු මෙම පාකිස්තානු ජනයා පවුල් පිටින් ඔවුන් පදිංචිව සිටි කුලි නිවෙස් වලින් බැහැර වි  500 කට  අධික පිරිසක්   ඔවුන්ගේ අහමදියා දේවස්ථානය තුළත් දින කීපයක් ගත කරන ලදී.මේ කාලය තුල මුස්ලිම් දේවස්ථානය අසලද පොලිස් ආරක්ෂාව මෙන්ම හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදා තිබුණි.
සිය රටෙහි පවතින පිඩාකාරි තත්වය හමුවේ මෙරට සරණාගතයන් වන්නට සිදුව ඇති මේ ජනකොටස් දැන් පත්ව ඇත්තේ කබලයෙන් ලිපට වැටුන තත්වයකටය.
මෙහි සියළු දෙනාගේම දෑස් තුල ඇත්තේ ඒ අසරණභාවයයි.
ඒ අසරණකමත් සිය ඇදුම් කඩමාළු ටිකත් පමණක් රැගෙන තැනින් තැන යන්නට දැන් ඔවුනට සිදුව තිබේ.

IMG_4677IMG_4692

IMG_4687