කම්කරු අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ කම්කරුවන් 8 ක් බන්ධනාගාරයට

0
32

පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුපක් පිළිබදව ගෙන ආ රජයේ යෝජනාවට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් දැවැන්ත උද්ඝෝෂණයක නියැලුන අතර එහි ප්‍රථිඵලයක් ලෙසින් රජයට මේ පණත හකුලා ගන්නට සිදුවිය.මේ උද්ඝෝෂණයට එල්ල කරන ලද මෘග පොලිස් ප්‍රහාර හේතුවෙන් එක් කම්කරුවෙකු ජිවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.

මේ ගැටුමේදි පොලිසියට පහරදිම සහ දේපල විනාශ කිරිම යන චෝදනා මත නිදහස් වෙලඳ කලාප කම්කරුවන් 8 දෙනෙකුට එරෙහිව මීගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ ගොනු කර තිබුණු නඩුව 2011 ඔක් 27 වෙනිදා සලකා බැලු අතිරේක විනිසුරු දුලානි වීරතුංග මහත්මිය මෙම සේවක සේවිකාවන් 8 දෙනා ඔක් 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.