කම්කරු කාර්යාලයට බඹරු ඇවිත්

0
262

මීගමුව කම්කරු කාර්යාලයට පැමිණෙන පොදු මහජනතාව විසින් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න 3ක් පිළිබදව එම නිලධාරීන් විසින් අද (මැයි 04 වනදා ) මීගමුව සංවර්ධන සභා රැස්වීමේ අවධානය‍ට ‍ යොමු කරන ලදී.  කම්කරු කාර්යාලයට පැමිණෙන වයස්ගත පුද්ගලයන් ඇතුළු සියලුම දෙනාටම පහසුවක් වන ලෙස  ඉදිරිපස පාරට කහ ඉරක් හා ඒ කාර්යාලය ඉදිරිපිට කානු පද්ධතියට උඩින් කොන්ක්‍රීට් ස්ලැබ්  සවි කර ඒ අවට වාහන නැවැත්වීම සදහා පහසුකමක් සපයා දෙන ලෙස කම්කරු කාර්යාලයේ නිලධාරී මහත්වරුන් විසින්  සභාව දැනුවත් කරන ලදී. එමෙන්ම මේ වනවිට කාර්කාලය ආසන්නයේම  ගස්වල ඹබරුන් පිරිසක්  රැදී සිටින බවත් මේ හේතුවෙන් රාජකාරී සදහා පැමිණෙන ජනතාවට යම් කරදරයක් විය හැකි බවටත් ඔවුන් දන්වා සිටි අතර ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට දන්වා සිටින ලදී.Bumble-bee-bee-clip-art-2-clipartwiz-clipartix-2