කම්මල් මෝය ප්‍රදේශයේ නාදුනන මළ සිරුරක්.

0
126

වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයට අයත් වයික්කාල, සින්දාත්‍රිය ප්‍රදේශයේ මා-ඔය මුහුදට ගලා බසින කම්මල් මෝය ආශ්‍රිතව නාදුනන පිරිමි මළ සිරුරක් අද (2013/02/28) පෙරවරු 10.30 ට පමන හමුවී තිබේ. මා-ඔය  ගලා බසින කොච්චිකඩේ, අන්තයේ සිට මෙම මළ සිරුර ගසා ගෙන ආ බවත් පසුව එය කම්මල් මෝය ආසන්නයේ සින්දාත්‍රි ප්‍රදේශය ආශ්‍රිතව ඔයේ ඉවුර ආසන්නව ගොඩා ගසා ඇති බවද වාර්තා වුණි. මෙම මළ සිරුර යම් තරමකට ඉදිමී නරක් වී තිබුණ අතර මළ සිරුර ගොඩ ගසා තිබු ප්‍රදේශය පුරා යම් දුර්ඝනදයක්ද පැතීරී තිබිණි.
ඒ අනුව මෙම මළ සිරුර දින කිහිපයකට පෙරාතුව මිය ගිය අයෙකුගේ බවත් එම මළ සිරුර වයස අවුරුදු 40 ත් 45 ක පමන අයෙකුගේ බවත් ප්‍රදේශවාසීන් විසින් අනුමාන කරයි.
මෙයට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරී 24 වැනි ඉරිදා දින සවස ද මෙම මෝය ප්‍රදේශයේම දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන්ව ඇති අතර එම තරුණයාගේ මළ සිරුරද මෙතෙක් හමු වී නොමැත. ඔහුගේ මල ස්ිරුර සෙවීම සදහා මෝය අවට මුහුදේ දින කිහිපයක්  නාවික හමුදාවද මැදිහත්ව කටයුතු කලේය. මේ අතර එම තරුණයාගේ ඥාතීන් පිරිසක්ද අද පෙවරුවේදී මෙම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
එලෙස අතුරුදහන්ව ඇති තරුණයා දංකොටුව , බුජ්ජම්පොල , ඉහල මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව හුන් 27 හැවිරිදි වසන්ත වික්‍රමසිංහ නැමැති අවිවාහක තරුණයෙකි. ඔහු දංකොටුව කර්මාන්තපුරයේ ඇඟළුම් කම්හලක බොයිලේරු කි්‍රයාකරුවන්නෙකු ලෙස සේවය කර ඇත.
එහිදී පැමිණ සිටි එම අතුරුදහන් තරුණයාගේ ඥාතීන් විශේෂයෙන්ම ඔහුගේ පියා ද ප්‍රකාශ කලේ අද දින ගොඩ ගසා ඇති මෙම මළ සිරුර තම පුතාගේ නොවන බවයි. ඥාතීන්ද එම ප්‍රකාශය සනාථ කලහ.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන වෙන්නප්පුව පොලිසිය විසින් සිදු කීරීමට නියමිතයි.