කරවල වාඩි අයිතිකරුවන්ට කොන්දේසි !නඩුව කල්යයි !

0
967

dry fish

පිටිපන ප්‍රදේශයේ ගම්වාසීන් හට පීඩාකාරී ⁣⁣ලෙස ඔවුන්ගේ නිවෙස් අාසන්නයේ කරවල නිෂ්පාදනය කරන ස්ථාන පවත්වාගෙන යාමට එරෙහිව මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතී. මෙහිදී ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ මෙම කරවල වාඩිවල නරක්වූ මාළු යොදාගෙන කරවල නිපදවීම නිසා විශාල දුර්ගන්ධයක් හමන බවත්, එසේම කලපුවට ඒවායේ අපද්‍රව්‍ය මුදාහැරීමෙන් පරිසර හානියක්ද සිදුවන බවයි .මේ අනුව පසුගිය නොවැම්බර් 28 දා පැවති නඩු වාරයේදී ගම්වාසීන්ගේ පැත්තෙන් මේ පිළිබඳව කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරන ලදී .
මෙම කොන්දේසි අතර
*නිවාස වල සිට මීටර් 40 ක් ඈතට මෙම කරවල වාඩි ගෙන යායුතු බව.

*මෙම අපද්‍රව්‍ය පිරිපහදු කරන යන්ත්‍ර මගින් පිරිසිදු කර කලපුවට මුදාහැරිය යුතු බව.

*මෝරු, මඩුවන් වැනි මාළු වේලීම තහනම් බව. ආදී වශයෙන් වන මෙම කොන්දේසි වලින් දුර පිළිබඳව ඇති කොන්දේසිය හැර අනෙක් ඒවා පිළිගෙන ඇති නමුත් දුර පිළිබඳව ඔවුන් මීටර් 25 දක්වා අඩු කරන ලෙස ඉල්ලා ඇත .
මෙම නඩුව පිළිබඳව විමසූ පසුව අධිකරණය විසින් මෙම කොන්දේසි ඉදිරිපත් කර ඇති අතර මීලඟ නඩුවාරය ජනවාරි 23 දින දක්වා කල් තබන ලදී .