කරවල සදහා පිටින් ගෙනඑන මාළුවල ප්‍රමිතිය ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මොකද කියන්නේ?

0
70

dry fishකරවල නිෂ්පාදනය අද මිගමුව තුල බරපතල ගැටළු රැසක් නිර්මාණය කරමින් තිබේ.දැන් අළුත්ම අභියෝගය වි ඇත්තේ වෙනත් රටවල අල්ලන මසුන් ⁣කන්ටේනර් පිටින් මිගමුවට ගෙනවිත් කරවල නිෂ්පාදනය කිරිම තුල මතුව ඇති තත්වයයි.මෙහි එක් ප්‍රධාන ගැටලුවක් වි ඇත්තේ මේ මසුන්ගේ ප්‍රමිතිය පිළිබදවය.කරවල සදහා යොදාගැනෙන මසුන් මිනිස් පාරිභෝජනයට සුදුසු මට්ටමක ඇතිදැයි සොයා බැලිම අනිවාර්යයෙන්ම සිදුවියයුත්තක් වුවද ඒ සදහා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව නොපෙනේ.