කලපුවට මුදා හරින අප ජලය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ අසාර්ථකයි?

0
80

dry fish issue
(8.58am) කරවල නිෂ්කපාදකයින් විසින් කලපුවට අපද්‍රව්‍ය මුදාහැරීම සම්බන්ධයෙන් මගමුව -පිටිපන පැතිමංකඩ ප්‍රදේශයේ ගම්වාසීන්    පැදිමංකඩ  ප්‍රදේශයේ ගම්වාසීන්ගේ   පැමිණිළි  මත  මීගමුව  මහ  නගරසභාවේ  මහජන සෞඛ්‍ය  නිලධාරීන්  විසින්   ඔවුන්ට එරහිව නඩුවක් පවරා තිබේ.අධිකරණය විසින් නීතිමය කටයුතු සඳහා ජල පරීක්ෂාවක් කොට එහි වාර්තාවක් දියයුතු බවට නාරා සහ මීපා යන ආයතනවලට වගකීමක් පවරාතිබුණි. මේ සඳහා කටයුතු කරන නාරා ආයතනය අදාල ජල සාම්පලය ගෙන ඇත්තේ පළමුවර මෝයකට ළඟිනුත්, දෙවනුව කරවල වාඩි අයිතිකරුවන් කැමති ස්ථානයකිනුත් බව නඩුවේ පැමිණිළි පාර්ශවයෙන් චෝදනාවක් ඉදිරිපත් කර ඇත. ඔවුන් මෙම ප්‍රශ්නය 21 දින නාරා ආයතනයේ නියෝජ්‍ය ස්ථාන භාර නිලධාරීවරයා හමුවී ඉදිරිපත් කළ අතර සාකච්ඡාවෙන් පසු ඔහු ප්‍රකාශ කළේ කළේ මෙය වැරදි සහගත ක්‍රියාවක් බවය.

මේ අතර මීපා ආයතනයද එකී වැරැද්දම සිදුකර ඇතැයි මෙම නියෝජිත පිරිස කරුණු දක්වමින් කියා සිටින ලදී. මීපා ආයතනයේ වගකිවයුතු නිලධාරීන් පවසා ඇත්තේ මෙම ජලසාම්පලවල කිසිදු වරදක් නැතිබවය. කලපුවේ ලුණු සාන්ද්‍රනය වැඩිවී ඇතිද යන්න ගැන කරන මෙම පරීක්ෂණය අපක්ෂපාතීව ඉටුකළ නොහැකි වුවහොත් මාර්තු 26 වන දින පැවැත්වෙන නඩු වාරයේදී තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බව පැමිණිළි පාර්ශවයෙන් චෝදනා ඉදිරිපත් කරති. එවිට මෙම කරවල වාඩිවලට එරෙහි සටන මීට වඩා වෙනස් මගකට යොමුවනු ඇතැයි ඔවුන් පවසති.මේසා විශාල පරිසර හානියක් මීගමු කලපුව තුළ සිදුවෙමින් පවතින අතරතුර රාජ්‍ය ආයතන යම්කිසි ආකාරයකින් වැරදි ක්‍රමවේදයක් අනුගමනය කළ හොත්, එහි බලපෑම වර්තමාන ජනජීවිතයට පමණක් නොව අනාගත සමාජයටද බලපාන අවාදර්ශයක් වනු ඇත.