කලපුවෙන් ගොඩ දාන කුණු වලට ධීවර ඇමතිගෙන් විසඳුමක්

0
37

(11.29am)මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස කලපුවෙන් ගොඩ දැමෙන අපද්‍රව්‍ය මීගමුවෙන් ඉවතට ගෙන යෑම නවතන ලෙසත්,
ඒවා මීගමුවේම සංවර්ධනයට යොදාගන්නා ලෙසත් දැනට වසරකට පමණ පෙර මීගමුව සම්බන්ධීකරණ කමිටුවේදී පුරවැසියෙකු විසින් ඉල්ලීමක් කරන ලදී. මෙම ප්‍රශ්නය මෙන්ම කරවල ව්‍යාපාරිකයන් විසින්  මාලු අපද්‍රව්‍ය  මුහුදට හා කලපුවට දැමීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම මීගමුවේ ජනතාව අතර ඇතිවී තිබූ ප්‍රශ්න වලට ස්ථීර විසඳුමක් නොලැබුණි. පසුගිය දිනක ධීවර  හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මීගමුවට පැමිනි අවස්තාවේදී මෙම ප්‍රශ්න  අමාත්‍යවරයාට ඉදිරිපත් කළ බව මීගමුව ධීවර කාර්්‍යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසයි. මෙම මාලු නිශ්පාදනයේදී ඉවත් කරන අපද්‍රව්‍ය හා කලපුවෙන්  ඉවත්කරන පස් හා  අපද්‍රව්‍ය පොහොර සෑදීම සදහා යොදාගන්නා ලෙස අමත්‍යාවරයා උපදෙස් දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ධීවර කාර්යාලය සහ මීගමුව නගර සභාව එක්ව දිරියේදී සැකසීමට නියමිත බවත් සහකාර ධීවර අධ්‍යක්ෂක බන්ඩාර මහතා පවසන ලදී.
මාළු නිෂ්පාදනයේදී ඉවත ලන අපද්‍රව්‍ය මේ වනවිට බෝට්ටුවකින් එකතුකර නැවත මුහුද මැදට ගෙනගොස් දමන බවට ධිවර ක්‍රියාකාරීන් චෝදනා කරන අතර මේ සඳහා ස්ථීර විසඳුමක් කඩිනමින් අවශ්‍යව තිබේ.