අද පෙ.ව. 8.00 ට පිටිපන ප්‍රදේශයට නව මාතෘ සායනයක් , පුස්තකාලයක් සහ නව පොදු පහසුකම් රැසක් සමගින් ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය එම ස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාව, ගැබිණි මව්වරුන් , නිලධාරීන් ඇතුළු මිගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර ,නියෝජ්‍ය නගරාධිපති එම්.සකාවුල්ලා සහ නාගරික මන්ත්‍රී මන්ඩලය මෙන්ම විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.