මුස්ලිම් ප්‍රජාව එල්ලකරගනිමින් 6 වනදා රාත්‍රියේ නිවාස වලට සහ දේපල වලට සිදුකරන ලද හානිය සහ එම ජනයා බියවැද්දීම ගැන මේ වනවිට දෙදෙනෙකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්බව මාධ්‍ය වල සඳහන්විය. මෙම කලබල ඇතිකිරීමට සහ පහරදීම් වලට.පැමිණි පුදගලයින් හඳුනාගෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලීසිය හමුදාවේද සහාය සහිතව අදදින මීගමුව , දළුපත,ප්‍රදේශයේ පිල්ලෑව පාර, ගල්කටුව, සමඟි මාවත, සෙල්ලකන්ද, දෙනියවත්ත යන ප්‍රදේශ පුරා මෙම මෙහෙයුම් දියත් කරනු දක්නට ලැබින.