අද පෙරවරුවේ සිට මීගමුවේ විදුලිය ක්රියාවිරහිතය. මීගමුවේ ඇති කලර් ලයිට් ඇති ස්තාන තුනේම මේ මොහොත වනවිටත් විදුලි සංඥා ක්රියාත්මක නොවේ. ඒ නිසා පොලීසිය මෙම ස්ථානවල සිටිය යුතු බව රියදුරන් චෝදනා කරති. වෙන දිනවලදී කලර් ලයිට් වැඩකරන වේලාවේදී , වැරදි කරන රියදුරන් ට දඩ ගැසීම සඳහා කලර් ලයිට් වලට මදක් ඈතින් පොලිස් නිලධාරීන් නැවතී සිටින බවත් අද දින විදුලිය නැති අවස්ථාවක සිටිය යුුතු පොලිස් නිලධාරියෙකු පෙනෙන තෙක් මානයක වත් නැති බව ජනතාව පවසති.