කලා මුදලාලිලා සිටින රටේ තරග නොවැදුන ලක්ෂ්මන් විජේසේකර…..

0
90


මට මොහු මුණ ගැහෙන්නෙ 1968 දි .මගෙ පොඩ්ඩයියගෙ යහළුවෙක් ලෙසයි.අයියගෙ යහළුවෙක් නිසා ඔහුටත් අපි ලක්ෂ්මන් අයිය කියන්න පටන් ගත්ත.අපේ ගෙදරට නිතර එන ඔහු ලස්සනට සිංදු කියන නිසා අපේ සම්බංදය තවත් වැඩිඋනා.
අනතුරුව අනුරාධපුර මැදි විදුහලේ සැංගීත ගුරුවරයාව සිටි ගුණරත්න සර් සමග පාසැලේ බොහෝ සංගීත වැඩසටහන් වලට ලක්ෂ්මන් අයිය සම්බංද උනා..

වයලීනයෙන් හිංදි සිංදු වාදනය කරන හැටි අපි ආසාවෙන් බලා හිටිය.
මහාබෝධි පාසැලේ විදුහල්පති ඩෙයිසන් තිලකරත්න මහතා නිර්මාණය කල කල්ප රාස්සයෝ නාට්‍යයේ සංගීත ලක්ෂ්මන් අයිය වයලින් ගැහුව පොඩි අයිය සිතාරය ගැහුව.ඒ නාට්‍ය පෙන්නන්න ඔවුන් හොරණත් ගිය බව මට මතකයි.ඉන්පසු අනුරාධපුර යේ පැවැති බොහෝ සැගීත වැඩසටහන් වලදි ඔහුත් සමග එක්ව වැඩ කරන්න අවස්ථාව ලැබුන.ඔහු අපේ පවුලේම සහෝදරයෙක් ලෙසයි කටයුතු කලේ.අපේ අම්ම ඔහුට ඉතා ආදරෙන් හිටියෙ.අම්ම උයන කෑම කෑවෙ ගොඩක් කැමැත්තකින්.පසු කලෙක අම්මගෙ මරණය ආරංචිවී එයට සහභාගි වෙමින් ඔහො ඒ මතකය අවදිකලා මට මතකයි.


බංඩාර දිසානායක මල්ලි ජයවර්ධනපුර සරසවියේ ගී මංසල නමින් ඒක පුද්ගල ප්‍රසංගයක් කරද්දි ,දිසා මල්ලිට උදව් කලේ ලක්ෂ්මන් අය්ය.එදා ප්‍රසංගයේ දිසා මල්ලිට අත්වැල් ගායනා කරන්නට තරම් ඔහු නිහතමානී උනා.දිසා මල්ලි සහ ඔහු අතර එදා සිට ඉතා ළඟ ඇසුරක් පැවතුනා.සක්‍යා ආයතනයට නම තබන්නට අරිසෙන් අහුබුදු ළඟට දිසාමල්ලිත් සමග ඔහු ගිය බව මට මතකයි.එසේම වසරක් පාසා පැවැත්වූ සරසවි අභිෂේකයේ සංගීත පක්ෂය සදහා ඔහු බොහෝ කැප උනා.
දේසපාලන කටයුතු වලදී ඔහුටත් මටත් එකට වැඩකරන්නට සිදු උනා.


1994 එවකට පැවැති එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්නට අපි නිදහස් කලා සංදානය ගොඩ නගාගෙන රට පුරා රැස්වීම් තිබ්බ.අපි චංද්‍රිකා බංඩාරනායක බලයට පත් කලා.
සමහරුන් දේසපාලන වාසි ගත්තත් ලක්ෂ්මන් අයිය ඒව ප්‍රතික්ෂේප කලා.ඔහු නැවත ඔහුගෙ නිහඩ කලා ජීවිතයට ඇතුල් උනා.
දේසපාලන කටයුත්තකදි මට නැවත ඔහු මුණගැහෙන්නෙ 2014 දි.මහින්ද රාජපක්ෂලාට එරෙහිව අපි එක්ව වැඩ කරනව.රට පුරා රැස්වීම් තියනව.


එප්පාවල දීත් හම්බංතොටදීත් රාජපක්ෂ ගැති මැරයන්ගේ ප්‍රහාර වලට මා ඇතුළු වීදියේ විරෝධය සහෝදරවරු ගොදුරුවෙනව.මෙම ප්‍රහාර වලින් පසුව මුණ ගැහුනු වෙලාවක ලක්ෂ්මන් අයියා මගෙ අතින් අල්ලගෙන පරෙස්සමින් කටයුතු කරන ලෙස ආදරයෙන් උපදෙස් දෙනව.නමුත් ඊට දින කීපයකට පස්සෙ කුරුණෑගල දි රාජපක්ෂ ගැති මැරයො ලක්ෂ්මන් අයියලාට පහර දෙනව.පසුව මුණගැහුනුවිට මම ලක්ෂ්මන් අයියට කිව්ව,ඔයා මහ ලොකුවට මට උපදෙස් දීල ගිහිල්ල හොදටම ගුටි කෑව නේද කියල.ඔහු හිනා වෙවී මගෙ අතින් අල්ල ගත්ත.


අපි රාජපක්ෂලා පරාජය කලා.නමුත් ලක්ෂ්මන් අයිය නිලතල ගත්තෙ නැහැ.දේසපාලන වාසි ගත්තෙ නැහැ.ඔහු නැවත ඔහුගේ නිහඩ කලා ජීවිතයට එකතු වෙනව.


ඔහුත් මාත් නැවත මුණගැහෙන්නෙ සිරිසේන–රාජපක්ෂ කුමංත්‍රණය වෙලාවෙ.ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට අපි අරගල කරනව.
විහාරමහාදේවී පිට්ටනියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහයේ මම හැමදාම සවස ගීත ගායනා කරනව.ලක්ෂ්මන් අයිය නිශ්ශංක දිද්දෙනිය සමග ඇවිත් දවසක් මාත් එක්ක සිංදු කිව්ව.
අපි එක්ව කුමංත්‍රණය පරාජය කරනව.ලක්ෂ්මන් අයිය නැත තම නිහඩ කලා ජීවිතය තෝරා ගන්නව.
ඔහු මිය යනව.නමුත් ඔහු බොහෝදේ අපට ඉතිරි කරනව.
මනුස්සකම ,සරලබව,අදීනකම,වංදි භට්ටයෙකු නොවීම,උපේක්ෂාව ඔහු අපිට ඉතිරිකරනව.
ඉතින් ලක්ෂ්මන් අයියේ.අපි සමු ගනිමු.ඔබ බොහෝකල් අපේ මතකයේ ජීවත්වෙන බව විශ්වාසයි .

(ජයතිලක බණ්ඩාරගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here