කලාපේ සේවිකාවන් ලෙඩ කළ ආහාර සැපයුම් මධ්‍යස්ථානය පරික්ෂාවට ලක්කෙරේ.

0
59

phi 123නිදහස් වෙළද කලාපයේ NEXT නම් වු ආයතනයේ සේවිකාවන සියගණනක් රෝහල් ගත කරන්නට සිදුවු ආහාර සැපයිම සිදුකරනු ලබන සිලොනීස් නම් වු මුන්නක්කරයේ පිහිටි ආයතනය අද දවසේ විශේෂ පරික්ෂාවකට ලක්කෙරුණි.
ඒ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසිනි.
එහිදි ආහාර පිසිමට ගනු ලබන වතුර සාම්පලද වැඩිදුර පරික්ෂන සදහා යැවිමට ලබාගෙන තිබුණි.
මෙයට අමතරව ආහාර පිසිමට ගනුලබන දැ ගබඩා කර ඇති ස්ථානයද අද දින විශේෂ පරික්ෂාවකට ලක්කෙරුන අතර පරිහෝජනය සදහා නුසුදුසු අල බහා තිබුණු උරයක් ද මේ අයගේ  අවධානයට යොමු විය.