කව්ද අසාර්ථක ? 60 ට වැඩි අයට එන්නත ඉක්මනින් දෙන්නලු !

0
65

මෙරට මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණවල වගකීම කාර්ය සාධක බලකාය විසින් භාරගත යුතුව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුණි.
හිටපු අගමැතිවරයා අවස්ථා කිපයකදිම කාර්ය සාධක බලකාය අසාර්ථක බවත් කොරෝනා පාලනයේ වගකිම පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය භාරගත යුතුව ඇති බවත් අවධාරණය කර තිබේ.
එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නට සිදුවිමම සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය. වෙනත් රටවලදි පළමු ප්‍රමුඛතාවය ලබාදි තිබුනේ වයස්ගතම අයටය.අදාල විෂය ගැන දැනුමක් හෝ වෘත්තිය පරිචයක් නැති හමුදාව මේ වන විට කොරෝනා පාලනය එහෙම පිටින්ම අවුල්කරගෙන තිබේ.

ඊයේ දිනයේ මියගිය කොරෝනා ආසාදිතයින් 94 දෙනාගෙන් 71 දෙනෙකුම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බව හමුදාපති විසින් ප්‍රකාශකරද්දි රනිල් වික්‍රමසිංහ විසින් කරන්නට යෙදුන චෝදනාවේ ඇති යුක්ති යුක්ත භාවය මැනවින් ඔප්පු වේ.