”කව්ද ඉදිරි මැතිවරණෙට ඉල්ලන්න ඉන්නෙ කියලවත් අහන්න කවින්ද මහත්තයට අමතක උනා. අපි උන්ගේ පම්පෝරිය අසා ගෙදර ආව. ”

0
261

ජාඇල සිදුවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙණි…

අපි කාවින්ද ජයවර්ධනගේත් ජෝසෆ් මයිකල් පෙරේරාගේත් අතකොලු නොවෙමු. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ය. නැතිව කාවින්දගේවත් ජෝසෆ් මයිකල්ගේවත් පාක්ෂිකයින් නොවෙමු. එනමුත් පක්ෂය බිදවැටී ජේෂ්ඨයින් පවා පක්ෂය හැරගිය කාලයන් වලදී පවා පක්ෂය වෙනුවෙන් පෙලගැසුණු තරුණ කණ්ඩායමක් ලෙස අපගේ මතය මෙලෙසින් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
ජාඇල තිබුණේ යොවුන් පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමකි. ආරාධනයක් නොකළේ නම් නොකළ තැනකට ජෝසෆ් මයිකල් පෙරේරා මැතිතුමා ආපු එක වැරදිය. මක්නිසාදයත් තිබුනේ ආසනේ රැස්වීමක් නොව දිස්ත්‍රික්කේ රැස්වීමක් බැවිණි.
ඒ එක් කාරණාවකි. අනිත් කාරණාව නම්,
දිස්ත්‍රික්කේ තරුණයින් එහි ආවේ යොවුන් පෙරමුණ බලගන්වන්නටය. හැබැයි සිදුවූයේ ලොක්කන්ගේ දේශන අසා සැනසෙන්නටය. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණින් පස්සෙ රුවන් විජේවර්ධන මැතිතුමාගෙන් යොවුන් පෙරමුණේ සභාපති ධූරය කාවින්ද ජයවර්ධන මැතිතුමාට හිමිවෙනව. හැබැයි එදයින් පස්සෙ යොවුන් පෙරමුණේ වැඩකරපු දරදිය ඇදපු කොල්ලො කෙල්ලො උන්නද මලාද කියලවත් බලන්න වර්තමාන සභාපති කාවින්ද මහතාට අමතක වෙනව. රුවන් විජේවර්ධන මැතිතුමා ඉද්දි තිබ්බ ඒ මහා තරුණ පවුර අපේ ඇස් මනාපිටම දවසගානෙ බිද වැටෙනවා අපි දැක්ක. ඒත් පක්ෂයේ ගෞරවය ගැන හිතල නිහඩව අපි බලා උන්න. එදා කවින්ද මන්ත්‍රීතුමාට අමතක උන යොවුන් පෙරමුණේ ගමේ කොල්ලො කෙල්ලො අසරණ වෙද්දි උන්න බලාගත්තෙ ඒ ඒ ආසනවල සංවිධායකවරු හා යොවුන් ලේකම්/සභාපතිවරු.
එදා රැස්වීමට ඒ ඒ ආසනවල යොවුන් ලේකම්වරු සභාපතිවරු හා තරුණ පිරිස් ආවෙ ලොකු බලාපොරොත්තුවකින්. හැබැයි ඒතරම් කැපකිරීම් කරපු යොවුන් පෙරමුණේ තරුණ කොල්ලො කෙල්ලන්ගෙන් කව්ද ඉදිරි මැතිවරණෙට ඉල්ලන්න ඉන්නෙ කියලවත් අහන්න කවින්ද මහත්තයට අමතක උනා. අපි උන්ගේ පම්පෝරිය අසා ගෙදර ආව.
මෙහෙම වැඩක් සංවිධානය කරද්දි අඩුගානෙ එදා යොවුන් පෙරමුණ ශක්තිමත් කරපු රැකගත්තු ගොඩනගපු රුවන් විජේවර්ධන මැතිතුමාටවත් ආරාධනා කරන්න යුතුකමක් තිබුණ. කාවින්ද මහත්තයට ඊයෙ පෙරේද වෙනකම්ම අමතක වෙලාතිබ්බ යොවුන් පෙරමුණේ ගම්මට්ටමේ කොල්ලො කෙල්ලො ටික මෙච්චර කාලයල් බලාගත්තු ආසන සංවිධායකතුමන්ලට ආරාධනා කරන්න තිබුණ.
අංකයක් නැති සාමාජික කාඩ්පත් දීල තරුණයින් මුලාකරල හොරු සුදනො කරන්න රැස්වීම් කරන එක මුලු පක්ෂෙටම කරන නින්දාවක්
නිහඩතාවය තවත් උහුලනු නොහැකිතැන මේ කතාකලේ අඩුතරමින් සාකච්ඡා කරන්නටවත් අපිට අවස්ථාවක් නොදෙන නිසාවෙනි. පක්ෂයේ අනාගතයවන තාරුණ්‍ය රැකගැනීමට නම් හරීන් ප්‍රනාන්දු හර්ශණ රාජකරුණා වැනි නායකයෙකුට යොවුන් පෙරමුණේ සභාපතිකම ලබාදිය යුතුමය
එජාපය කවදත් නායකයනට සැලකුවේය. අපේ විතරක් නොවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයිනට පවා උන් නොසලකද්දී අපි සැලකීය. එහෙව් පක්ෂයක තරුණ මන්ත්‍රීවරයෙක් පක්ෂයේ ජේශ්ඨයෙක් මෙලෙස අපකීර්තියට පත්කිරීම වැරදිය. එතුමා කතාවක් ඉල්ලුවිට එය ලබාදීම මිස මයික් ක්‍රියා විරහිතකර එතුමා අපකීර්තියට පත්කිරීම පක්ෂයේ තරුණ පිරිස් ලෙස අපනම් කිසිසේත් අනුමත නොකරමු

සටහන
Unp Gampahafriends තරුණ එකමුතුව Untitled-1