කසල එකතු කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ.

0
69
image_1492704459-6d1dca4537
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියළුම පළාත් පාලන අයතන වලට බලපැවැත්වෙන් ආකාරයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා. ඒ කැලිකසලඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් නම් කරමින්. ඒ අතරම මෙ ගැසට් පත්‍රයේ ඊයේ දිනයේ සිට (අප්‍රේල් 20) බලපැවැත්වනු ඇති.
නිවාස වලින් එකතු වන මෙන්ම මාර්ග වෙනත් සේවාවන් වලදී එක්රැස් වන කැලිකලස එකතුකිරීම,රැස් කිරීම,ප්‍රවාහනය,ගබඩා කිරීම,පාලනය වැනි කරුණු සදහා මෙම ගැසට් පත්‍රයෙන් අවධානය යොමු කර ඇත.

ඒ අනුව කසල රැස් කිරීම හා ප්‍රවාහනය වැනි ඉහතින් සදහන් කල ක්‍රියාවන්ට හා එම ක්‍රියාවන්වල නිරත වන පුද්ගලයන්ට බාධා කිරීම,අවහිර කිරීම හා එවැනි ක්‍රියාවන් සදහා ජනතාව යොමු කිරීම වැනි කටයුතු වරදක් වශයෙන් නම් වනබඅතර එවැනි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීමේ හැකියාවද පොලීසියට ලැබෙනු ඇත. එලෙසම මෙසේ අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙකුට නඩු විභාගයකින් පසු මහේස්ත්‍රාත්වරයා විසින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කල හැකි බවද ගැසට් පත්‍රයේ සදහන් වේ.

www.dailymirror.lk ඇසුරිණිත.