කසල කළමණාකරනයේ වැඩකාරයෝ මැලේසියා සංචාරයෙන් හැලෙයි…

1
180

start-recycling-plastic-bottlesදැනට දින කිපයකට පෙර  මීගමුව නගර සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ නිලධාරීන් 4 දෙනෙකු සහිත පිරිසක්    මැලේසියානු සංචාරක් සඳහා පිටත්ව ගියෝය.  ඒ එම රටේ පැවැත්වෙන කුණු කසල ප්‍රතිචක්‍රීකරණය   සම්බන්ධ පුහුණුවක් සඳහායි. මේ අතර මෙම සංචාරය සඳහා රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙකු සම්බන්ධ වූ අතර ඔවුන්  අතර  මහජන සෞඛ්‍ය පරීක්ෂයෙකු , තාක්ෂණික නිලධාරීයෙකු , ඉංජිනේරුවරයෙකු සහ ගනකාධිකාරවරයාද වේ. මොවුන් මෙම සංචාරයට සම්බන්ධවීම පිළිබඳව ඉහල ක්ෂේත්‍රෙය් බලධාරීන් විසින් ප්‍රශ්න කර තිබුණේ මෙම විෂයට කිසිදු සම්බන්ධක් නොමැති නිලධාරීන් වූ හෙයිනි. කෙසේ හෝ දේශපාලන මැදිහත්වීම් මැද අවසානයේ මෙම 18 දෙනා අතරට ගනකාධිකාරවයා සහ ටී.ඕ බන්ඩාරත්, ඉංජිනේරුවෙකුද සහභාගී විය. PHI ගුණරත්න මහතා මෙම ගමනට සුදුසු වන අතර ඔහු මෙම විෂයට ද කෙසේ හෝ සම්බන්ධතාවයක් ඇත. නමුත්  යා යුතුම පුද්ගලයෙකුව වන කුරණ  කසල කළමණාකරන මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙම ගමනට සම්බන්ධකර නොගැනීම ඉතාම අසාධාරණ මෙන්ම අශෝබන ක්‍රියාවක් ලෙස  නගර සභා පරිපාලනයේ සිටින අය අතර කතාබහට ලක්වී ඇත.
මෙම සංචාරය දින දෙකකදී පිටත්වූ අතර මෙම ගැටළුව නිසා මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මුලින් පිටත් වි ඇත.  අවසානයේ පැවති ආරවුල කෙසේ හෝ විසදාගෙන අනෙක් 4 දෙනා පිටත්වී ඇත. අවසානයේ ගමනට යායුතුම පුද්ගලයාව හලා  කුණු ප්‍රතිචක්‍රීකණයට කිසිදු සම්බන්ධයක් නොමැති ටී.ඔ බන්ඩාර සහ ගනකාධිවරයාද  මැලේසියානු සංචාරයේ නිරත වී සිටී.   මෙම සංචාරය සදහා  සතියකට එක් පුද්ගලයෙකුගේ ගුවන් ටිකට් පතක වියදම 1 30000ක් වන අතර එක් දිනකට යැපීම් දීමනා ලෙස එක් පුද්ගලයෙකුට ඩොලර් 80 බැගින් ඩොලර්  180 ක් ගෙවනු ලබයි.
පසුගිය  කාලයේ  මීගමුවේ කුණු  කසල නිසි ලෙස කළමණාකරණය කිරීම ගැන කිසිම වචනයක් හෝ යෝජනාවක් නගර සභාවේදී මේ එකදු මන්ත්‍රීවරයෙකු මතුකර නොතිබීම මෙම ගමනේ ඇති ඊළග හාස්‍යයයි. අනෙක් වැදගත් කාරණය වන්නේ මෙම ගමන නිසා නාස්ති වන මහජන බදු මුදල් හේතුවෙන්  මෙම ගමනට සම්බන්ධ නොවී ඇති මන්ත්‍රීවරුන් දෙපළක් ද සිටිමයි. ඔවුන් එජාප නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු  සහ නා.මන්ත්‍රී  වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතායි.
Wolf-Art-Glass-Recycled-Blown-Bottle-Glass-Glassblowing

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here