කළු පටි විරෝධතාවයට හිටපු ඇමති අමීර් අලි ඇතුළු විශාල මුස්ලිම් ජනතාවක් එක්වෙති !

0
85

නිදහස් දින සමරුමට සමගාමිව දමිල හා මුස්ලිම් ජනයා මෙන්ම වතුකරයේ ජනතාවටද මුහුණ දි ඇති ප්‍රධාන ප්‍රශ්ණ  ගණනාවක්ද මුල්කොට ගෙන දින 3 ක් පුරා ක්‍රියාත්මක විමට නියමිත විරෝධතාවය මේ වන විට මඩකලපුව නගරය පසුකරමින් ඔට්ටමාවිඩි වෙත පැමිණ තිබෙන අතර හිටපු ඇමති අමිර් අලි ඇතුලු විශාල මුස්ලිම් ජනකායක් මෙම විරෝධතාවයට එක්ව තිබිම සුවිශේෂි බව එහි සිටින අප මාධ්‍යවේදින් පවසා සිටිති.
ඔට්ටමාවඩි මුස්ලිම් ජනයාගෙන් මෙම විරෝධතාවය ලැබි තිබුනේ ඉතා ඉහල ප්‍රතිචාරයකි. විශේෂයෙන් තරුණ දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන ශානේක්කන් හට තරුණයන්ගේ විශාල ප්‍රතිචාරයක් දක්නට තිබුණි
මෙම විරෝධතාවය ඊයේ පෙරවරුවේ පොතුවිල් නගරයෙන් ආරම්භ වි තිබුනේ ඇද හැලුන මහවැසි පවා නොතකමිනි.
මෙම විරෝධාතා පාගමන පොතුවිල් වලින් ආරම්භ වි පොලිකැන්ඩි දක්වා යාමට නියමිතව තිබේ.
විරෝධතා මාලාව සිවිල් සමාජය විසින් සංවිධාන  කර ඇති , විරෝධතා මාලාවට දෙමළ ජාතික සන්ධානය මෑතකදී සිය සහයෝගය ලබා දී තිබුණු බව ආදවන් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.


සුළුතර ජනයාගේ  ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වීම, මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම සහ උඩරට ජනතාවට රුපියල් දහස් ගණනක වැටුප් ඇතුළු විවිධ ප්‍රශ්ණ ගණනාවක් මුලික කොට ගෙන මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.
මේ අතර  සමස්ත ලංකා මහජන කොංග්‍රස් (ඒසීපීසී) නායක රිෂාඩ් බතියියුඩීන්, අරගලයට සහයෝගය දක්වන ලෙස මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තා විය

හිටපු ඇමති අමිර් අලි ඇතුළු විශාල මුස්ලිම් ජනතාවක් එක්වෙති (විඩියෝ )Edit