කළු හමත් ලස්සනයිලු…

0
24

විශේෂයෙන් ආසියාතික රටවල් වල ලස්සනයි කියන සංකල්පයහෝ විට  කොටු වෙලා තියෙන්නේ සුදු හමකට විතරයි. එම නිසාම මේ වන විටත් බිලියන ගණනින් ආදායම් ලබන රූපලාවන්‍ය නිශ්පාදන සමාගම් දිගින් දිගටම කියන්නේ ලස්සන වෙන්නනම් සුදු වෙන්න කියලයි. ඒ වගේම ඔවුන් කියන විදියට සාපේක්ෂව අදුරු හමක් සුදු කිරීම කරන්න පුළුවන් දෙයක් ඒ වගේම ඒ දේ තමයි වෙන්න ඕනේ කියලත් කියන්න ඒ අය අමතක කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම ආසියාතික රටක ජීවත් වන අපි එදිනෙදා ජීවිතයේදී අත්දකින සිදුවීම්.

නමුත් දැන් මේ සංකල්පයට අභියෝගයක් කරන්න පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිරිස  ‪#‎UnfairAndLovely campaign කියලා වැඩක් පටන් අරන්. මේකට මූලික වෙලා තියෙන්නේ ඇමරිකාෙව් ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන Pax Jones, Mirusha Yogarajah and Yanusha Yogarajah කියන තුන්දෙනා. මේ අතරින් මිරූෂා සහ යනූෂා ගේ දෙමව්පියන් අපේ රටේ අය වීමත් මේ සම්බන්දයෙන් වැදගත් වෙනවා. මේ තුන්දෙනා එකතු වෙලා #UnfairAndLovely යටතේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පල කරමින් වඩා ලස්සන සුදු අය කියන පොදු සංකල්පයට අභියෝගයක් එල්ල කරල තියෙනවා. ඒ වගේම මේ සදහා ලොකේ වටෙන්ම ඉතාමත් හොද පතිචාරත් ලැබිලා තියෙනවා.

පහතින් දක්වලා තියෙන්නේ ඒ විදියට මේකට ලැබුන පතිචාර.

Screenshot from 2016-03-13 12:01:40

 

Screenshot from 2016-03-13 12:02:23

Screenshot from 2016-03-13 12:02:34

Screenshot from 2016-03-13 12:02:47

 

උපුටා ගැනීම – https://globalvoices.org