ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වලට එරෙහිව මිගමුවේත් විරෝධතා …

0
152

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට එරෙහිව පැවති රටපුරා ක්‍රියාත්මක විරෝධතා මාලාව තුල ඊයේ දිනයේ මිගමුවේදිද පවත්වා තිබුණි.
දුෂ්කර ගම්මානවල කාන්තාවන්ගේ ආර්ථික දුෂ්කරතා මත ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් විශාල වශයෙන් ණය ලබා ගෙන තිබෙන අතර එම ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටි.
මේ පීඩාව දරාගත නොහැකිව ඇතැමුන් සිය දිවි හානිකරගත් අවස්ථා ගැනද පසුගිය කාලය තුල වාර්තා විය.

ඊයේ දිනයේ මිගමුවේ සිවිල් සංවිධාන නියෝජනය කරන කාන්තාවන් පිරිසක් මෙම විරෝධාතවයට එක්ව සිටි අතර මුහන්දිරිම් පිටියේ සිට ඔවුන් මිගමුව බස්නැවතුම දක්වා පාගමනින් පැමිණ විරෝධතාවයක නියැලුණි.