කාදිනල් වරයකු යනු කතෝලික සභාවේ ප්‍රධානියා නොවේ

0
588

“කාදිනල් වරයකු “කිසිවිටකත් ඒ අදාල රටේ කතොලික ජනතාවගේ හෝ කතොලික සභාවේ නායකයා නොවේ !

“අගරදගුරු” වරයකුද කිසිවිටකත් ඒ අදාල රටේ කතොලික ජනතාවගේ හෝ කතොලික සභාවේ නායකයා නොවේ !

කාදිනල් වරයකු හෝ අගරදගුරු වරයකු අදාල රටේ රදගුරු මණඩලයේ ද ප්‍රාදානීයා හෝ නායකයා නොවේ .

කාදිනල වරයකු යනු පාප් තුමේකු පත් කර ගැනිමට අවශ්‍ය තාවක් ඇති වු විට ඒ සදාහා ඉදිරිපත් වීමට හා සිය චන්දය ප්‍රකාශකිරීමට හැකියාව ඇති තැනැත්තාය.

කතොලිකයන් ජීවත්වන හැම රටකම කාදිනල් වරු නැත.

ලංකාවේද මෙතෙක් ඉද ඇත්තේ කාදිනල් වරු දෙදෙනෙක් පමනි.

අගරදගුරුවරයකු යනු යම් රටක අගරදගුරු පදවියක රදගුරු වරයා හෙවත් බිශොප් වරයාය.

රදගුරු පදවියක් යනු කතොලික සභාව පරිපාලන පහසුව සදහා බෙදා වෙන්කර ඇති භුගොලීය වියුවහයයි, ලංකාවේ රදගුරු පදවි 12 කි.

අගරදගුරු පදවි 01 කි. ඒ කොළඹ පදවියයි ( යාපනය ද අගරදගුරු පදවියක් කල යුතුයැයි මේ වන විට සකච්චා වේ. තනි රටකට අගරදගුරු පදවි කිපයක් තිබිය හැක )

රටක රදගුරු වරුන්ගෙ මණ්ඩලයේ ප්‍රදානියා අගරදගුරු නොව රදගුරු මණ්ඩල සබාපති වරායාය , ලංකාවේ වත්මන් සභාපති වරයා බදුල්ල රදගුරු වරයාය.

කාදිනලතුමෙකු ට තමන්ගේ අදාල පදවියෙන් පිට කතොලික ප්‍රජාව සදහා නියොගයක් හෝ බලපැමක් කිරීමට කිසිදු බලයක් නැත සෑම රදගුරු පදවියක්ම ස්වාධීන පදවි වේ. එය කිසිවිටකත් කාදිනල් වරයකුට හෝ අගරදගුරු වරයකුට යටත් නැත.

යම් රටක කතොලිකයන් ගේ නායකයා වන්නේ කතොලිකයන් තවමත් ජීවමාන ලෙස විශවාස කරන මීට වසර 2018 පමන පෙර අධිකරණ නියෝගයකකින් දරුණු අපරාධ කාරයෙකු ලෙස නම් කර කුරුස ගසේ එල්ලා මැරූ ජෙසුස් ක්‍රිස්තුස් වහාන්සේම පමනි.

නුවන් ජූඩ් ලියනගේ.
2021.04.08