“කාදිනල්තුමා දේශපාලනයක් කරනවා කියන අදහසට මාත් එකඟයි.” – ආචාර්ය නලින්ද සිල්වා

0
100
sharethis sharing button
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට හිටපු අමාත්‍යවරයකු වන හරින් ප්‍රනාන්දු පසුගිය දා පොලොන්නරුවේ පැවති ජනහමුවක දී කර ඇති ප්‍රකාශය මේ වන

විට සමාජය තුළ කිසියම් ආන්දෝලනයක් මතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන න්‍යයාචාර්යවරයකු වන ආචාර්ය  නලින්ද සිල්වා පවසන්නේ, වත්මන් කාදිනල්තුමාන් මෙන්ම හිටපු කාදිනල් හිමිවරු ද කිසියම් දේශපාලනයක නිරත වූ බව සත්‍යයක් බවයි.

ඔවුන් මේ දක්වා නිරතව සිටි දේශපාලනය, සිංහල බෞද්ධ දේශපාලනයට පරස්පර දේශපාලනයක් බවද ආචාර්ය නලින්ද සිල්වා පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, දිලිත් ජයවීරගේ ‘අරුණ’ පුවත්පතට ලිපියක් සම්පාදනය කරමිනි. අද (ජුනි 24) පලවී ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

”ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන න්‍යයාචාර්යවරයකු වන ආචාර්ය  නලින්ද සිල්වා පවසන්නේ, වත්මන් කාදිනල්තුමාන් මෙන්ම හිටපු කාදිනල් හිමිවරු ද කිසියම් දේශපාලනයක නිරත වූ බව සත්‍යයක් බවයි. ”
“හරින් ප්‍රනාන්දු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල. දේශපාලනඥයන් විද්වතුන් බුද්ධිමතුන් වියතුන් ඉන්නෙ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න තමයි. නැත්නම් මාධ්‍ය පවත්වාගෙන යන්නෙ කොහොම ද?

හරින් ප්‍රනාන්දු කියල කාදිනල්තුමා දේශපාලනය කරනවා කියල. මගේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි මිතුරකුත් මට ඒ බව කියා තියෙනවා. ඒ මිතුරා එ ජා පක්‍ෂයට හිතවත් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ මොකක් වුණත් කාදිනල්තුමා දේශපාලනයක් කරනව කියන එක ගැන මා එකඟ වෙනවා.

දේශපාලනීකරණය වූ සමාජයක කාදිනල්තුමා වැනි අය කරන ප්‍රකාශවල දේශපාලනයක් තියෙනවා. ඒක වළක්වන්න බැහැ. හාමුදුරුවරුන්ට දේශපාලන භික්‍ෂූන් කියන කොට එය සමාජයට දැනෙන්නෙ නැත්තෙ මොක ද?

”කතෝලික පල්ලියෙ හැමදාකම දේශපාලනයක් තිබුනා”

කාදිනල්තුමා පමණක් නොව හිටපු අගරදගුරුතුමන්ලාත් දේශපාලනය කරල තියෙනවා. අර පාසල් ජනසතු කරපු වෙලාවෙ කතෝලික පල්ලියෙ දේශපාලනයක් තිබුණ. දෙමළ ජාතිවාදී ප්‍රශ්නය අවස්ථාවෙත් පල්ලියේ දේශපාලනයක් තිබුණ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධයෙනුත් දේශපාලනයක් තිබුණා.

ඒ බොහෝ අවස්ථාවල ඒ දේශපාලනය පොදුවේ ගත් කල සිංහල බෞද්ධ දේශපාලනය සමග එකඟ වුණේ නැහැ. හරින් ප්‍රනාන්දුත් දැන ගන්න ඕනෙ බොහෝ මැතිවරණවල දී සිංහල කතෝලිකයන් බහුතරයක් ජාතිකවාදී ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ සංධානවලට ඡන්දෙ නුදුන් බව.

හරින්ට විස වෙන්න පුළුවන් කාරණය :

”පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිද්ධ වෙච්ච එක දෙයක් තමයි සිංහල බෞද්ධයන් සහ සිංහල කතෝලිකයන් එකට සිතන්න පටන් ගැනීම. ඒ කියන්නෙ සියලු සිංහල බෞද්ධයන් සියලු සිංහල කතෝලිකයන් සමග එකට ඉන්නවා කියන එක නො වෙයි. බහුතරයක් හැටියට සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් එක තැනකට සේන්දු වුණා.”

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිද්ධ වෙච්ච එක දෙයක් තමයි සිංහල බෞද්ධයන් සහ සිංහල කතෝලිකයන් එකට සිතන්න පටන් ගැනීම. ඒ කියන්නෙ සියලු සිංහල බෞද්ධයන් සියලු සිංහල කතෝලිකයන් සමග එකට ඉන්නවා කියන එක නො වෙයි. බහුතරයක් හැටියට සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් එක තැනකට සේන්දු වුණා.

කාදිනල්තුමාගේ ප්‍රකාශවලින් නිරූපණය වන්නේ මේ එකඟත්වයයි. එය හරින් ප්‍රනාන්දුට විස වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ.

අප කළ යුත්තේ මේ එකඟත්වය වර්ධනය කිරීමයි. මෙය කාදිනල්තුමාගේ ප්‍රශ්නයක් නොවෙයි. සිංහලයන්ගේ ප්‍රශ්නයක්. ජාතිකත්වයක් ඇති සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් එක්විය යුතුයි. එපමණක් නොවෙයි ජාතිකත්වයක් ඇති දෙමළ කතාකරන ජනයාත් එක්විය යුතුයි. හරින් ප්‍රනාන්දු කරන්නේ එක්වෙමින් සිටින සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් අතර බෙදීමක් ඇති කිරීමයි.

හරින් ප්‍රනාන්දුගෙ ගණිතය :

හරින් ප්‍රනාන්දුගෙ ගණිතය ගැනත් යමක් කියන්න ඕන. ඒ ඒ අයට ඒ ඒ ක්‍රම යොදා ගෙන ගණිතය කිරීමට ඇති අයිතිය මා ප්‍රශ්න කරන්නෙ නැහැ. ගණිතයෙ ඊනියා අනන්‍යතා ප්‍රමේය සාධනය කරන්නෙත් යම් යම් උපකල්පන යටතේ. ඒ නිසා ගණිතයේත් ඊනියා වාස්තවික අනන්‍ය විසඳුම් නැහැ.

හරින් ප්‍රනාන්දු කියන්නෙ සජිත්ට වඩා ගෝඨාභයට ඡන්ද ලක්‍ෂ දහයක් ලැබුණා. ඒ කියන්නෙ ඡන්ද ලක්‍ෂ පහක් එහා මෙහා වෙලා තියෙනවා. ඒ ඡන්ද ලක්‍ෂ පහ කතෝලික ඡන්ද. ඔහු සිංහල කතෝලික කියන්නෙ නැහැ. ඒත් මා හිතනවා ඒ සිංහල කතෝලික ඡන්ද කියල.

දෙමළ කතෝලිකයන් කාදිනල්තුමා කිව්ව කියල ගෝඨාභයට ඡන්දෙ දෙයි කියල හිතන්න අමාරුයි. කොහොම හරි ඒ ඡන්ද ලක්‍ෂ පහ එහාට මෙහාට වුණෙ කාදිනල්තුමාගේ දේශපාලනය නිසා කියල තමයි හරින් ප්‍රනාන්දු නිගමනය කරන්නෙ.

වෙනත් උපකල්පනවලින්…

අපිට ඕන නම් වෙනත් උපකල්පනවලින් පටන් ගන්න පුළුවන්. 2019 නිල මැතිවරණ ප්‍රතිඵල අනුව ගෝඨාභයට ඡන්ද 69,24,255 (52.25%) ක් ලැබිල තියෙනවා. සජිත්ට ඡන්ද 55,64,239 (41.99%) ක් ලැබිල තියෙනවා. එතැන නම් වැඩි ඡන්ද ලක්‍ෂ දහයක් නොව දහතුනහමාරක් පමණ තියෙනවා.

දැන් කාට හරි අහන්න පුළුවන් ප්‍රතිශත එකතු කළාම 94.24ක් පමණක් එන්නෙ ඇයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. 2019 දි, දැන් දෙසීයට තුනේ කට්ටිය 3.16%ක් ගත්තා. ඡන්දවලින් නම් 4,18, 553ක්. එතකොට 97.4%ක් වෙනවා. ඉතිරි ඡන්ද අර අනෙක් අයට.

දැන් සජිත්ගෙ ඡන්දයි අනුර කුමාරගෙ ඡන්දයි එකතු කළොත් 59,82,792 ලැබෙනවා. ඒ ඡන්ද සංඛ්‍යාවත් ගෝඨාභය ගත් ඡන්ද සංඛ්‍යාවත් අතර වෙනස නම් ලක්‍ෂ දහයකට කිට්ටුයි. හරින් ප්‍රනාන්දු ගෝඨාභයගෙ වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්‍ෂ දහයක් කියන්නෙ ඒක නිසා ද දන්නෙ නැහැ. අනුරගෙ ඡන්ද කොහොමත් සජිත්ගෙ ඡන්ද නොවැ කියල හරින් හිතනවා ද දන්නෙ නැහැ.
ලංකාවෙ සිංහල කතෝලික ඡන්දදායකයන් ?

ලංකාවෙ සිංහල කතෝලික ඡන්දදායකයන් කොපමණ ඉන්නවා ද කියා දැන ගන්න විධියක් නැහැ. ඒ ඒ ඡන්දදායකයන් සංඛ්‍යාව අදාළ ජනගහනයට සමානුපාතිකයයි සිතමු.

2012 සංගණනයට අනුව ලංකාවේ කතෝලික ජනයා 6.1%ක් ඉන්නවා. දෙමළ ජනයා 11.15%ක් ඉන්නවා. හින්දූන් 9.7%ක් ඉන්නවා. ඒ කියන්නෙ දළ වශයෙන් දෙමළ කතෝලික/ක්‍රිස්තියානි ජනයා 1.45%ක් පමණ.

ක්‍රිස්තියානි ජනයාට වඩා කතෝලික ජනයා බෙහෙවින් වැඩි නම් එවිට සිංහල කතෝලික ජනයා 4.7%ක් පමණ වෙනවා. කොහොමත් සිංහල කතෝලික ජනයා 5.0%කට අඩු වෙන්න ඕන.

හරින්ගෙ ගණන හදන තවත් ක්‍රම :Gota text 24.06

හරින්ගෙ ගණන හදන තවත් ක්‍රම තියෙනවා. අපි 2019 සංසන්දනය කරන්න ඕන 2015 ජනාධිපතිවරණයෙදි ගත් ඡන්ද ප්‍රතිශත සමග.

2015 මහින්ද ලබා ගෙන තියෙන්නෙ 47.58%යි. සිරිසේනට ලැබිල තියෙනවා 51.28%ක්. ඒ ජ.වි.පෙ. ඡන්දත් එක්ක. මහින්ද 2015 ලබා ගත්ත ඡන්ද ප්‍රතිශතයට වඩා ගෝඨාභය 2019 දි ලබා ගෙන තියෙනවා 4.67ක ප්‍රතිශතයක්. ඒක නම් සිංහල කතෝලික ප්‍රතිශතයට කිට්ටු වගේ.

හරින් හරි යන්න නම් 2015 දි සිංහල කතෝලික ජනයා සමස්තයක් ලෙස මහින්දට ඡන්දෙ නොදී ඉඳලා 2019 දී සමස්තයක් ලෙස ගෝඨාභයට ඡන්දෙ දෙන්න ඕන. ඒ හැරවිල්ල කාදිනල්තුමාට තියා පාප්වහන්සේටවත් කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. මා මේ පාප්වහන්සේට අගෞරවයක් කරනවා නො වෙයි.

මේ නීරස ගණිත කතාවලින් වැඩක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මට පෙන්නන්න ඕන එක් පැත්තකින් ගණිතයෙත් ඒ ඒ උපකල්පන මත ඒ ඒ පිළිතුරු ලැබෙන බව. මොන විදියට බැලුවත් තව ම හරින්ගෙ කතාව සමග සංගතවන උපකල්පන ටිකක් නම් හොයාගන්න බැරි වුණා.

ඒත් ඒ සියල්ලට ම වඩා මෙහිදී අවධාරණය කරන්න ඕන හරින් සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් එකට ඉන්නවාට විරුද්ධ ව වැඩ කිරීම.”

Screen Shot 2020 06 24 at 6.29.10 PM
හරින්ගේ ධෛර්යය ගැන මංගලටත් පුදුම හිතිලා !

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට හිටපු අමාත්‍යවරයකු වන හරින් ප්‍රනාන්දු පසුගිය දා පොලොන්නරුවේ පැවති ජනහමුවක දී කර ඇති ප්‍රකාශය අගය කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර, හරින් ප්‍රනාන්දු තුළ ඇති ධෛර්යය සම්බන්ධයෙන් විශ්මයට පත්වූ බව කියා සිටියි.

මංගල සමරවීර එබව සඳහන් කර ඇත්තේ, අද (ජුනි 24) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි. එහි මෙසේ සඳහන් වේ.

”වත්මන් ෆැසිස්ට් පාලන තන්ත්‍රයට සහාය දක්වන, අන්තවාදී බෞද්ධ භික්ෂූන් සමඟ අශුද්ධ සන්ධානයක් ගොඩ නගා ගත්  කතෝලික පල්ලියේ – කිසියම් පාර්ශ්වයක – කුහකත්වය අභියෝගයට ලක් කිරීමට ඔහු තුළ ඇති ධෛර්යය සම්බන්ධයෙන් මම හරීන් ප්‍රනාන්දු පිළිබදව විශ්මයට පත් වෙමි.”

105846833 2563898810527790 496523955246158114 n

theleader.lk